
(යොහාන් භාසුර)
පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් එය මධ්‍යම රජයටත් සියලු පළාත්වලටත් එක ලෙස අදාළ විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මෙහි මුල් පියවර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් 'ඉසුරුපාය 'අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණ .
ඒ සඳහා කාන්ත හා ළමා කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සහභාගි විය.
මෙහි දී රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතු ව එකම ප්‍රතිපත්තියක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේත් ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සකස් කර නීතිමය රාමුවක් යටතේ අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙස අගමැතිවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද දෙයක්. පරිසරය, ගෙදර දොර පිරිසිදුව තබා ගැනීම, විනය ගරුකව ඡීවත් වීමේ පලමු පියවර පටන් ගන්නේ මෙතනින්. දැනට ගොඩක් පෙරපාසල්වල කරන්නේ ගණිතය ඉංග්‍රිසි වගේ පාසල්වල උගන්වන විෂයන්.
ජවිපෙ කාඩර්ලාගෙන් පටන් ගන්න. පූර්ව ළමා වියේ ඉඳන්ම සමාජ වෛරයකින් ඉන්නේ.
එතකොට අර වයසට ගිහිල්ලත් තවම රෑ එළිවෙනකන් නැගිටගෙන මොබයිල් ගේම් ගහන්නෙත් එහෙම සංවර්දනය නොවූ අ ය නේද ? අපේ ටීම් එකෙත් ඉන්නවා එහෙම එක්කෙනක් දෙන්නෙක්