
(රන්ජන් කටුගම්පොල)
පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥා වක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩලය ප්‍රධානි නීතිඥ චමින්ද කුමාරකුලරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකොට ඇති රිට් පෙත්සම ජුලි20 වෙනි දින කරුණු තහවුරු කිරීම කැඳවන ලෙස නියෝග කළේය
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දු මහත්වරුන්ගේ සමන්විත ක අභියාචනාධි කරණ විනිසුරුමඩුල්ලක් හමුවේ සලකා බැලීණ
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ ාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා විසින් ගොනු කොට තිබූ මෙම පෙතසමෙයි වගඋත්තරකරුවන් වශයෙන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කරනු ලැබ සිටිති
පෙත්සමේ මෙසේ සඳහන් වේ
පෙතසම්කරු ොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියකු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් ද වේ තිදරුපියකි හේ වත්මනෙහි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරය මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධාන තනතුරද හොබවයි
මෙම තනතුරට ිශ්‍රාම වැටුප් හිමි බව පෙතසම්කරු කියා සිටි පෙත්සම්කරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ ලේකම් ධූරය හොබවද්දි ගතකළ සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා ඇතුලත් කරන ලදැයි චෝදනා කරමින් පෙතසම්කරුට එරෙහිව පාර්ලිමේන්තු උපදේශක කමිටුව විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු පත් කරමින් පසුගිය වසරේ පෙබරවාරි දෙවැනි දින මූලික විමර්ශනයක් පැවැත්වීය
එම විමර්ශනයෙන් අනතුරුව පෙත්සම්කරුට එරෙහිව වාර්තාවක්ද ඉදිරිපත් කෙරිණි
එම වාර්තාවේ අඩංගු කරුණු පදනම් කරමින් පසුගිය ජනවාරි 22 වැනි දින පෙත්සම්කරුගේ සේවය අත්හිටවන ලදී
පාර්ලිමේන්තු උපදේශ කමිටුවට මෙවැනි ආකාරයේ කටයුතු කිරීමට නිතිමය ප්‍රතිපාදනයක් නොමැත පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලධාරියා වන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයාය ඒ අනුව පාර්ලිමේන්තු උපදේශකමිටුව කටයුතුකර ඇත්තේ නීතියට පටහැනිවය
අදාළ ගැසට් නිවේදනය සහ අනෙකුත් නීතිමය විධිවිධාන අනුව විශ්‍රාම වැටුප් සේවා කාලයට කාලය නිවැරදිව තමන් ගණනය කර ඇති බව පෙකසම්කරු කීයා සිටි
එබැවින් වගුත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසද වැඩ තහනම් කිරීමේ ලිපිය බලරහිතකරන රිට් ආඥාවන් නිකුත් කරන ලෙසද අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය මෙම පෙතසම විභාගයටගෙන අවසන් වනතුරු ්‍රියාත්මක කිරීමේ වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙතසම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත
පෙතසම්කරු වෙනුවෙන් අමිල කුමාර මහතාගේ උපදෙස් පරිදි නීතිඥ රුක්ෂාන් සේනාධිර මහතා සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd