IMG-LOGO

පිරිමි අතර සුලබම මුඛ පිළිකා

 

ලංකාවේ පිරිමි පාර්ශ්වය  අතර සුලබම පිළිකා වර්ගය වනුයේ මුඛ පිළිකායි. සෑම දිනකම  ලාංකිකයින් තුන් දෙනෙකු මුඛ පිළිකාව නිසා මියැදේ. සෑම දිනකම හය දෙනෙකු මුඛ පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර වඩාත් කනගාටුවට කරුණ වන්නේ ඒ අතරින් 70% ක් පමණ දෙනා රෝහලට පැමිණෙන විටත් පිළිකාව තුන්වන හෝ හතරවන මට්ටමට වර්ධනය වූ සුව කිරීමට අපහසු අවසාන අවස්ථාවල පසුවීමයි. 

හඳුනා ගැනීම කල් ගියොත්

අවසාන අවස්ථාවල දී ප්‍රතිකාර  කළද මුහුණේ විකෘතිතා ඇති වේ, ආහාර ගැනීමේදී සහ කතා කිරීමේදී ඇති වන අපහසුතා ජීවිත කාලය පුරාවටම අත් විඳීමට හේතු වේ. ඒ වගේම තම රැකියාව පවා කර ගෙන යාමේ දුෂ්කරතා ඇති කරවයි.

හේතූ

මුඛ පිළිකාවට ප්‍රධාන හේතූන් වනුයේ දිගු කාලයක් පුරාවටම දුම්කොළ හෝ පුවක් සමඟ බුලත් විට සැපීම, දුම් බීම සහ මත්වතුර භාවිතයයි. සාම්ප්‍රදායික බුලත්විටට අමතරව විවිධ ආකාරයෙන් සැකසූ බාබුල් වැනි පුවක් සහ දුම්කොළ නිෂ්පාදනත් පිළිකාකාරක ලෙස ක්‍රියා කෙරේ. 

මෙලෙස ඔබේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත අඳුරට ඇද දමන ඉහත කී භයානක පුරුදුවලින් නොපමාව අත්මිදීම මඟින් මුඛ පිළිකාවට ඇති අවදානම අඩු කර ගත හැකියි. ඔබට යම් මුඛ සෞඛ්‍ ගැටලුවක් ඇත්නම්, කල් නොයවා දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීමත් ඉතා වැදගත්. මුඛ සෞඛ්‍ය ගැටලුවලින් තොරව පවත්වා ගැනීමත්, කුඩා කල සිටම හුරුවූ හොඳ පුරුදු තවත් කාලයක් යනතුරුම දිගටම පවත්වා ගැනීමේ වගකීමත් ඔබ සතුයි.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරිනි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

පිරිමි අතර සුලබම මුඛ පිළිකා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site