(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් ලබන 18 වැනි දින දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ සිසුන් වැඩි පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම පීඨයේ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය මෙම පියවර ගෙන ඇති බවයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පේරාදෙණි කලා ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති
Sunil Wednesday, 14 December 2022 08:03 AM
මේ මස් වැද්දන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න දරන ශ්‍රමයත් අපතේ.
Perera Wednesday, 14 December 2022 08:20 AM
නොමිලේ උගන්වනකොට එකේ අගයක් නැහැ. ගෙවලා ඉගෙනගන්න වුනානම් යස අගේට ඉගෙනීම් කටයුතු කරාවි මදාවිකම් පැත්තක තියලා.
jayasekaraWednesday, 14 December 2022 10:35 AM
නියම අදහස... ඊට පස්සේ ස්ට්‍රයික් කරයි. නිදහස් අධ්‍යාපනය වික්කා කියලා.
SanthuWednesday, 14 December 2022 12:29 PM
විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේදීම, මෙවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධවීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, ඒ අයගේ ශිෂ්‍ය භාවයද සම්පූර්ණයෙන්ම අවලංගු කරන බවත් අනිවාර්‍යකර ගිවිසුම් සෑදිය යුතුයි.
සෝමවීර Wednesday, 14 December 2022 12:45 PM
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය ඇතිකිරීමට පෙර විශ්ව විද්‍යාලවල ඉගෙනීමට බැංකු හරහා ණය දුන්නා. උපාධිය ලබා රැකියාවක් ලැබුණාට පසුව එම මුදල් වැටුපෙන් අයකර ගත්තා. ඉතින් සිසුන් මෙහෙම හැසිරුනේ නැහැ. මට හිතෙනවා එහෙම තිබුණා නම් හොඳයි කියලා. නමුත් ලලිත් මැතිතුමා දරුවන්ට දැක්වූ අනුකම්පාව දැන් භූමිකම්පාවක් වගේ කියලා හිතෙනවා. එහෙම කියන්නේ එතුමාට අපහාසයක් කරන්න නොවෙයි... සමහරක් සිසුන් එතුමගේ නම ගොඩනැගිල්ලකට යෙදීමට ගිය අවස්ථාවේ කාලකණ්ණි ටිකක් ඒකට විරුද්ධව හිටියා කියලා අහන්න ලැබුණු නිසා...
පාටලී Wednesday, 14 December 2022 10:29 AM
උන් යන්නෙ කුමාර් ගුනරත්නම් සහ අනුර කුමාර ගෙ දේශන වලට ඵ් ඇති උන්ට. අහින්සක ඡනතාවගෙ බදු මුදල් විනාශ කරන්නෙ.
ලුම්බිණි Wednesday, 14 December 2022 10:40 AM
විශ්ව විද්‍යාල වල පිරිහීම පටන් ගත්තේ 1970න් පස්සේ.
LallaWednesday, 14 December 2022 11:17 AM
1956 න් පස්සේ. ලංකාව පිරිහීම පටන්ගත්තේ ඊනියා බොරු පංචමහා බලවේගය නිර්මාණය කර රට රවටා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියල අටවගත්ත බොරුව නිසා. අද පේනව නේද සඟ ගුරු කම්කරු බලවේග රටට කරන විනාශය. විනයක් නැති පරපුර සියල්ල විකුණාගෙන කන මානසිකත්වය. අසාර්ථක ජනසතු ව්‍යාපාර.... පිරිහුන දේශපාලනයට යටවූ පන්සල......
kamal Wednesday, 14 December 2022 11:06 AM
එල කිරි. අඩන්න හිටිය එකාගේ ඇහැට ඇන්නා නේද? දැන් මේ සිද්ධියට සැකකරන සිසුන් පොලිසියෙන් අත් අඩංගුවට ගත්තානේ. එතන කිසිම ඇමති කෙනෙකුගේ ලමයකුත් නැතිනම් පොලිසිය වැඩේ කරාවි. දැන් මේ වැඩ වර්ජනේනෙන් දඩුවම් කරන්නේ මේ තඩි බෑමට සම්බන්ද නොවුණු ළමයිට නේද? ඒකියන්න සම්බන්ද නොවුනාට දඬුවමක්ද මේක? මුන් ඉන්නේ කොයි වේලාවේද වැඩ නොකර කර අරින්නේ කියලා බලා ගෙනයි.
Geeth Wednesday, 14 December 2022 12:24 PM
සරසවි සිසුන් විසින් මීට පෙර අවස්ථා වලත් සරසවි ඇදුරන්ට යම් අඩන්තේට්ටම් කරලා තිබුණා. ඒ වගේ අවස්ථා වලත් ඔය විදියට ආචාර්යවරු එකතු වෙලා ක්‍රියාමාර්ග ගත්තා නම් මේ අයට ඕනෑ විදියට නටන්න වෙන එකක් නෑ...!