IMG-LOGO

පූර්ණ එන්නත්කරණයට ‘බූස්ටර්’ මාත්‍රාවත් ඕන

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ මර්දන පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (24) පැවසීය

එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණය සඳහා තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ මාත්‍රාව ද ලබා ගතයුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර මේ මස 29 වන දිනට වසරක් සපිරීම වෙනුවෙන් දිවයිනේ සියලු රෝහල් සහ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයවල විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බවත් එම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයවල බූස්ටර් එන්නත්කරණ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලැසුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය අමාත්‍යයේදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එසේ පැවසීය.

 



අදහස් (1)

පූර්ණ එන්නත්කරණයට ‘බූස්ටර්’ මාත්‍රාවත් ඕන

de silva Tuesday, 25 January 2022 06:29 AM

නිසි වැඩපිළිවෙලක් සකස්කොට සෞඛ්‍ය කාර්යාංශ වලට අවශ්‍ය එන්නත් ලබාදෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site