
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට ලක්ව සිටින මොහොතේ රහස් පොලිසිය එතුමන්ගේ නිවසට ගොස් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීම හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ද රෝගී වී සිටින මොහොතක පිටස්තරයන් එම නිවසට යාම ඔවුන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙලන්නක් බවද අබේවර්ධන මහතා කීය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කලින් හිටපු ඒවා ඉවරයි යාලුවා. එකරටක් එක නීතියක්. 88, 89 කාලවල මැස්සෙක් ඔලුවේ වහලා ඔලුව හෙල්ලුවත් අරන් ගිහින් මැරුවා. ගෙවල්වලට පැනලා ළමයි අරං ගිහින් ටයර් දාලා පිච්චුවා. අමතකද වජර, කරන කලට පව් මිහිරිය මීසේ...
ඇයි එයාට කට උත්තර දෙන්න පොලිසියට එන්න බැරි...?
වැඩක් නැති හොර තක්කඩියෙක්...
ඇයි එයාල ඉපදිලා තියෙන්නේ අලි අහවල් එකෙන්ද?
රටේ නීතිය වික්‍රමසිංහලට බලපාන්නෙ නැද්ද?
අපිත් ඒ ක්‍රියාව තදින්ම හෙලා දකිනවා, අසනීපයෙන් ඉන්නේ මහ බැංකු හොරා නම් මෛත්‍රිට මොකද බැරි රහස් පොලිසියට එන්න, මීට පස්සේ වෙන සැකකරුකුගේ උනත් පවුලේ කෙනෙකුට අසනීප නම් රහස් පොලිසියට ගෙදර යන්න වෙනවා කට උත්තර ගන්න හරියැ...
මමත් හෙලා දකිනවා එයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවන්න නැතුව, ඔහුගේ නිවසට ගිහින් ප්‍රකාශයක් ගැනීම පිළිබඳව. ඇයි එයාට විතරක් වෙනම නීතියක්ද? මේ දෙදෙනාම පමණක්ද රෝගී වී ඉන්නේ? තවත් විශාල පිරිසක් මෙහෙම රෝගී තත්වයෙන් අධිකරණ කටයුතුවලට සහ නීතිය ක්‍රයාත්මක කරන්න සහයෝගය දෙනවා. අනික ඔයා නේද ළඟදී කිව්වේ, දැන් රනිල් සුව වෙලා ඉන්නේ කියලත් රටේ බලය ගන්නත් සූදානමින් ඉන්නව කියලත්.
ඩොලර් මිලියන ගනන් පිල්ලි යනවා ඉන්ධන ගසාකනවා පොල් පරාලයක් ඇසේ ඇනුණා නොපෙනී රාජකාරි ගමනට වැයවූ ආණ්ඩුවේ ඊයේ පෙරේදා වංචාකළ මුදලින් අබමල් රේණුවක තරම්වූ රුපියල් ගණනක් සොයන්නේ වැඩිහිටි රෝගීන් දෙදෙනෙකු හඹායන අයට එලොව මෙලොව දෙකේදීම ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න නම් බැරිවේවි...
ඒකනේ කියන්නේ? හතරවෙනි තට්ටුවට ගෙන්නලානේ ප්‍රශ්න කරන්න තිබුණේ. බොරු නම් කියන්න එපා... රනිල්ට හෘද වස්තුවක් තිබුණේ නැහැ. ඒ මදිවට ගේට්ටුව ඉස්සරහිනුත් ඔය ඕන තරම් කුණු ලොරි එහෙම යන්නේ? මොකවත් වෙලා නැහැනේ නේද?
ගෙදරට ගිහින් ප්‍රකාශ ගන්න අය රටේ රජ්ජුරුවෝද? නැත්නම් දෙවියෝද? බෙල්ලෙන් අල්ලාගෙන ඇවිල්ලා පොලිසියේදී කටඋත්තර ගන්න පොලිසිය බයද? නැත්නම් අනුර කුමාර ජනාධිපතිතුමා මොවුන්ට තවමත් අනුකම්පා කරනවද? හොඳයි.. නඩුවෙන් රනිල් සහ බිරිඳ වැරැදිකරුවෝ වුණොත් ...ගෙදර තියාගෙන හුරතල් කරන්නද මේ ලැහැස්ති වෙන්නේ? අනුර කුමාර සහෝදරයා, ඔබ මේ කිරි පොවන්නේ විෂඝෝර සර්පයින්ට බව අමතක කරන්න එපා...!!!