
(රෝෂන් තුෂාර)
වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රිශ්වාන් මහතා අද (13) නියෝග කළේය.
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මෙසේ ඇප මත මුදා හැරුණු අතර රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරුණි.
සැකකරුගේ අද අළුයම් කාලයේ යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි සැකකාර පුද්ගලයා ඇතුළු තවත් පිරිසක් ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරමින් සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ ඇප මත මුදා හරින ලෙසට නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියුමි හංසමාලිගේ පුතා ඇප මත මුදා හරියි
Fernando Monday, 14 July 2025 04:30 AM
රූපවාහිනීයේ ප්‍රවෘත්ති බලද්දී දැකපු සැකකරු සමග සිටි පිරිසේ අයගේ හැටියට ඔවුන් මැර කල්ලියක්ද කියල හිතෙනවා
Bunny Preena Monday, 14 July 2025 10:37 AM
කාගේ හයිය අතට අරගෙනද මෙහෙම හැසිරෙන්නේ? කතාකරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න වලට මොකට ගහ ගන්නවද මන්ද?
Neel Monday, 14 July 2025 12:06 PM
පහර කෑමට ලක්වු පුද්ගලයා තවම ඉස්පිරිතාලේ , තව සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි. ප්‍රධාන පුද්ගලයාට තවම වයස අවුරුදු 15 යි. ඒ කියන්නේ ලයිසන් නැහැ. ඉන්සුවරන්ස් නැත. හැබැයී, පොලිසියේන්ම ඇප දීලා ගෙදර යන්න දීලා. ගොඩක් මුදල් වියදම් කරලා තියේන පාටයි නේද කියල හිතේනව. නමුත් ආණ්‌ඩුව කියන්නේ නීතිය සැමොටම එක සමානයි කියල. අතිවිශිෂ්ටයි ඡය වේවා.