(රාගම විමුක්ති එස් රුද්‍රිගු)
කඩවත ප්‍රදේශයේ කුලී නිවසක් තුළ බාලවයස්කාර දැරියක සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව කියන පින්තාරුකරුවකු දැරියගේ පෙම්වතා යැයි කියන පුද්ගලයකු සමග ඇති වූ බහින්බස්වීමකදී වීදුරු කටුවක් ඇනීමෙන් පින්තාරුකරු මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි රාජු මධුශංක නැමැති 20 හැවිරිදි තරුණයෙකි. මෙම දැරිය ළමා නිවාසයකින් පැනවිත් කඩවත ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇතැයි කඩවත පොලිසිය කියයි .
ඉකුත් දා රාත්‍රී කඩවත පාසල් ක්‍රීඩාංගණ යේ පැවති සංගීත ප්‍රසංගයකදී මෙම මියගිය තරුණයා දැරිය සමග හාද වී ඇති අතර සංගීත ප්‍රසංගය අවසන් වී දැරිය රැඳී සිටි කුලී නිවසට ඇය සමග මියගිය තරුණයා පැමිණ ලිංගික සම්බන්ධතා පවත්වා ඇතැයි පොලිසිය කියයි.
ඒ අතරතුර දැරියගේ පෙම්වතා යැයි කියන තරුණයෙකු එම නිවසට පැමිණ කාමරයේ දොර විවෘත කරන ලෙස පවසා තිබේ. පසුව කාමරයේ දොර විවෘත නොකෙරූ නිසා කෝපයට පත් පෙම්වතා කියන පුද්ගලයා වීදුරු දොර කඩාගෙන ඇතුළු වී ඇති අතර දැරිය සමග පින්තාරුකරු සිටිනු දැක ඇති වූ බහින් බස් වීමකදී කැඩී ගිය වීදුරු කැබැල්ලක් මියගිය තරුණයාගේ ගෙලපෙදෙසට වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කීය .
කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් පනාන්දු ,පොලිස් සැරයන් 18899පණ්ඩිතරත්න ,පොලිස් කොස්තාපල්වරුන් වන 76914 අසේල ,40423 ලැනරෝල් ,94038 ජයවික්‍රම ,කාන්තා පොලිස් කොස්තාපල් 12250 චලනි යන මහත්ම මහත්මීහු වැඩි දුර පරීක්ෂණ කටයුතු මෙහෙයවති .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පෙම්වතියට හදි කළාට බෝතල් කටුවෙන් ඇන පින්තාරුකරු මරාදාලා
Samantha Sunday, 23 January 2022 06:29 PM
නව යොවුන් තාරුණ්‍යය ඉතා ඉක්මණින්ම විනාශය කරා යනු පෙනේ... එය ඔවුන්ගේ අනාගතය ඉතා කටුක, දුක්ඛිත තත්වයකට පත්වීම නම් ඔවුන් කෙසේ නම් වළක්වා ගත යුතුද? දහමින් පිහිටක් නොලද, කළ අධර්මය සිත තුල ජනිත වීම කාටනම් වැළැක්විය හැකිද?