
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් විභාගය සඳහා පැමිණි කාන්තාවක් අද (18) එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු තුවල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසිය.
අද (18) පැමිණිල්ලක් විභාග කිරිමට පැමිණි අවස්ථාවේදී එකම පවුලක සහෝදරයන් දෙදෙනකුගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු බහින් බස් වී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඉන් එක් කාන්තාවක් හා වෙනත් පැමිණිල්ලක් විභාගයට පැමිණි සිටි තවත් පුද්ගලයකු තුවාල ලබා කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලිසිය පැවසීය.
ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවගේ සැමියාගේ පියා විසින් ඔහුගේ බාල පුතනුවන්ගේ බිරිද විසින් අවසරයකින් තොරව සිය වත්තේ තේ දළු කඩන බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය විභාග කිරීම සදහා පොලිසිය පැමිණෙන ලෙස දන්වා තිබේ.
ඒ අනුව අද පොලිසියට පැමිණි අවස්ථාවේදී පැමිණිල්ල ඉදිරිපත් කළ පියා සමග සිය සැමියාගේ ලොකු පුතාගේ බිරිද පැමිණීම පිළිබදව උරණ වී ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පැවසිය. ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැමිණිල්ල විභාගයට පැමිණ පොලීසියේදී ඇසිඩ් ගහලා