
(ගයාන් සූරියආරච්චි)
මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.
බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති අතර මාර්ග නීති රීතිවලට අනුව ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීම සදහා රථවාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
බස් රථ ධාවනය කිරීමේදී පවතින තරගකාරීවයත් සමග කොන්දොස්තරවරුන් පාපුවරුවේ එල්ලීයාමේදී දැඩි අවධානමක් පවතින බවත් මින් ඉදිරියට එවැනි කොන්දොස්තරවරුන්ට නීති ක්‍රියාත්මක කරන බවත් හපුගොඩ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අත පය වන වනා යන කොන්දන්ට හොඳ වැඩේ. මොවුන්ට විනයක් උගන්වන්න ඕනෑමයි.
කොන්දොස්තර තමන්ගේ වම් කකුලයි, වම් අතයි එළියට දික්කර දකුණු අතින් එල්ලීගෙන නිවැරදිව යන බසයට වම්පැත්තෙන් ඉස්සර කර ධාවනය කිරීම ගැන අදහසක් නැද්ද?
කරුණාකර 5 සීට් පේලි තහනම් කරන්න... මිනිසුන් සැන්ඩ්විච් වෙන්නේ ඒවගේ යනකොට... ගෑනු අයට යන්නම බැහැ ඒ විදිහට.
අතරමග තම බස් රථයට පිටුපසින් එන බස් එක එනකං මග බලාගෙන ඉන්න එක නැවත් වුවහොත් මගීන්ගේ කාලය ඉතිරි වෙනවා. එහෙම කල විට බස් හෝල්ට් එකේ ඊළඟ බස් එක එනකම් සෙනග එකතු වනවා. එවිට ඊළඟ බස් එකට එම මගින් දාගෙන යන්න පුළුවන්. දවසේ මුලින්ම ධාවනය කෙරෙන ගමනේදී පමණයි සෙනග අඩුවන්න පුළුවන්.
බස් ජෙමිනි සහ අනෙක් මහත්තයා වහාම දැනුවත් කරන්න. මොකද අර සැලසුම් කරපු වැඩ වර්ජනයට ඒක තවත් පහසු වේවි.