
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් හ්‍යාමන් ජයසිංහ )
ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබා දුන් බවකියන පුපුරණ ද්‍රව්‍ය බෑගයක් කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක මිදුලේ වල දමා තිබියදී ඊයේ (1) සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
එම පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවා තැබීම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි 27 හැවිරිදි ගායන ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුගේ මිදුලේ වලදමා තිබූ බෑගයේ තිබී ඇමෝනියා නයිට්‍රේට් කිලෝ දෙකක්, ජෙලක් නයිට් කූරු තුනක්, ඩෙටනේටර් කූරු පහක්, සොයා ගෙනඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd