
(සුරංග රාජනායක)
පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටි හතර වසර සිසුන් දස දෙනකු පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව ඔවුන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගම්පොළ පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ සිසුන් පිරිසකි.
කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමුන් අට දෙනකු මෙම කණ්ඩායමට අයත්ව ඇති අතර සමහර අයට වමනය ගිය බවද ප්‍රකාශ වේ.
පාසල් වෙලාවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර සවස් කාලයේදී පාසල තුළම මෙම අතිරේක පන්තිය පවත්වන බව සඳහන්ය.
එහිදී පාසල අසල නගරය තුළ ඇති වෙළඳසලකින් මෙම බිම වර්ග ලබාගෙන සිසුන්ට දී ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිද්දෙණිය ප්‍රදේශයේ විසූ ජනප්‍රිය විද්‍යා ගුරුවරයෙකු පාසල් කාලෙන් පසුව පංති පවත්වන්නෙ කිසිදාක වතුර පානය නොකර බනිසක් කාලා පැනි බීම බීලාම තමයි මේ මනුෂ්‍යයා ඒකෙන්ම මළා... දැන් කාලයේ ළමයිනුත් කරන්නේ ඒකම තමයි. මෙම පැනි බීම නැවැත්තුවේ නැත්නම් මහා විනාශයකින් කෙලවර වේවි. පසුගියදා මම ගමනක් යද්දී පංති යන දැරියක් බසයේදි කුඩාබිම බෝතලයක් බෑගයෙන් අරගෙන වතුර වෙනුවට බිව්වෙ පැනි බීමක් .එනිසා ලංකාවෙ සෞඛ්‍ය තත්වය නගාසිටුවීමට ආණ්ඩුවට අවශ්‍යාවක් තියෙනවා නම් නොපමාව මේ ව්‍යසනයට පියවරක් ගන්න ඕනෑ..