
(සුජිත් හේවාජුලිගේ)
විශ්රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදීමෙන් රජය මේ දක්වා රුපියල් කෝටියකට වැඩි අමතර වැය බරක් දරා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නිලධාරියා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ හයකට ආසන්න දීමනාවක් මෙන්ම වෙනත් පහසුකම් දෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
මෙම සභාවේ ලේකම් ධූරය දැනට පාර්ලිමේන්තුවේ මහලේකම් වරියටම කරගෙන යෑමට හැකියාව තිබියදී විශ්රාමික නිලධාරියෙකු පත් කිරීම විහිළු සහගත කාරණයක් බව එම නිලධාරීහු සඳහන් කරති.
මෙම නිලධාරියා වසර විසි නවයක සේවයෙන් පසුව පසුගිය වසරේ මැයි මාසයේදී විශ්රාම ලැබුවේය.
විශ්රාම ගොස් දින කිහිපයකින් පසු මෙම සභාවේ ලේකම් ධූරයට ඔහු පත් කෙරුණේ පසුගිය රජයේ ප්රධානියකුගේ ආශිර්වාදයෙන් බව දැනගන්නට ඇත. දූෂණය නාස්තිය පිටුදැකීමට කටයුතු කරන්නේ නම් මේ කාරණය පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බව පාර්ලිමේන්තු සේවකයෝ ප්රකාශ කරති.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැන්ෂන් ගිය ලොක්කෙකුගේ රජ සැපට කෝටියක් පුදලා
Bunny Preena Thursday, 02 January 2025 09:44 AM
විශ්රාම ගැනිල්ල ආපු එක කිසිම ලැජ්ජාවක් බයක් සහ ආත්ම ගෞරවයක් තියෙන කෙනෙක් නෙමෙයි