
(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි .
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයකු බව පොලීසිය හඳුනාගෙන ඇත .
මරණය පහරදීමකින් සිදුවූවාදැයි සොයා පරීක්ෂණ පවත්වන පොලිසිය තරුණයාට පහර දී අත්වලට මාංචු දමා කකුල්වලට යකඩ දම්වැල් දමා පහර දුන්නැයි කියැ වෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි .
දැඩි ලෙස අසාධ්‍යව සිටි ඇති තරුණයා මිනුවන්ගොඩ රෝහලට රැගෙන එන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකශකයෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සුවයි. ආයෙ කවදාවත් මේ තරුණයා මත්ද්‍රව්‍ය භාවිතා කරන එකක් නෑ.
ලෙඩා මලත් බඩ සුද්දයි කියන පරණ කියමන ඇත්තටම වෙලා. කුඩුවලට සම්බන්ධ හැමෝටම මේවාවල ලාබෙ අයිතියි.
ගනේමුල්ලේ ලංකා ලර්නස් හිමිකරුගේ පුත්‍රයා තමයි පහරදිමකින් මියගොස් සිටින්නේ ඔහු අයිස් මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපනය කිරිමටයි පෞද්ගලීක මධ්‍යස්ථානයකට ඇතුලත් කර තිබෙන්නේ එහි සිටි අනෙකුත් පුනරුත්ථාපනය වන අය පහරදිම සිදුකර තිබෙන බවයි පවුලේ අය පවසන්නේ ඔහුට නිවන් සුව ලැබේවා