IMG-LOGO

පැන්ඩෝරා ගැන රන්ජන්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි

(සුජිත් හේවාජුලිගේ )

සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන්ද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත.

රාමනායක මහතා කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

නීතිඥවරයකු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලෙස මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතය.

ඒ අනුව එම දිවුරුම් ප්‍රකාශයද ඉදිරි විමර්ශන සඳහා යොදා ගැනෙනු ඇත. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී  නිරුපමා රාජපක්ෂ මහත්මියගෙන් සහ ඇයගේ ස්වාමිපුරුෂයාවන  තිරුකුමාර් නඩේසන් මහතාගෙන්   පසුගිය කාලයේදී ප්‍රකාශ සටහන් කර ගත්තේය.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සඳහා දේශීය වාණිජ හා රාජ්‍ය බැංකුවලින්ද  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්ද  අල්ලස් කොමිසම ලේඛන ලබාගෙන ඇත.

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය,ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් පැන්ඩොරා පත්‍රිකා මගින් පසුගියදා අනාවරණය කෙරිණ.



අදහස් (27)

පැන්ඩෝරා ගැන රන්ජන්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි

Bamunuarachchi Monday, 24 January 2022 03:47 PM

බොරුනම් කියන්නේ තවත් හිරේ ඉන්න කාලය ජීවිතාන්තය දක්වා. දික්කරමු.

:       52       5

බද්රානිMonday, 24 January 2022 04:54 PM

පැන්ඩෝරා පත්‍රිකාවේ නම ඉහළින්ම සඳහන් "නිරුපමා රාජපක්ෂලාගේ" සුරතලයෙක් ලෙස ඔහේ මේ කොහෙවත් ඉන්න රන්ජන් රාමනායකට බිරුවට සත්‍යය ඔය කාටවත් යටපත් කරන්න බැහැ. මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් හොරාකාලා අද ඔය සැපට ජීවත් වෙන අයට මේ සසර පුරාවට ඔය පව් පඩිසන් දෙන එක කාට බිරුවත් වළක්වන්න බැහැ. ඔය අද නිකරුනේ බුරන සුනඛයින්ට වෙන්නෙත් අද මෙන්ම හැමදාමත් මහපාරේ ඇවිදිමින් පිනටම කන හොරිකඩ බල්ලන් දිවි ගෙවීමට මිස, වෙන නම් ජීවිතයක් උරුම නැහැ. එහෙම නොවුණොත් ඉතින් මේ සියලු ආගම ධර්මයන් බොරු..

:       3       46

senaMonday, 24 January 2022 07:21 PM

හරියටම හරි බද්‍රානි...!

:       1       19

BamunuarachchiTuesday, 25 January 2022 07:54 AM

රන්ජන්ගේ හඬපට අහල ඔයා රන්ජන්ට කැමති උනාට අපි රන්ජන්ව පිළිකුල කරනවා. රන්ජන් පැන්ඩෝරා පත්‍රිකාව ගැන කියන්නේ මොනවාද කියලා අහන බලන්නේ නැතුව ඒගැන කතා කිරීමපල නැත. මම කියන්නේ රන්ජන් ගේ කතාව බොරුනම් ඔහුගේ දඬුවම් කාලය තවත් දිකල යුතු බවයි. ඒ ඉල්ලීම සාදාරනයි.

:       3       0

BamunuarachchiTuesday, 25 January 2022 08:10 AM

හඬපට තියා ගත්තේ හොරු අල්ලන්නලු. මොනවද කතා කරන්න ෆැක්ට්ස් නැතිනම් සාධක.

:       5       0

BamunuarachchiTuesday, 25 January 2022 05:15 PM

මෙයා නිතරම කතා කරන්නේ සුනඛයින් ගැන.. නැගිටින්නේ මැක්කන් සමග....!

:       2       0

Pradeep KumaraMonday, 24 January 2022 05:50 PM

හිරගෙවල්වල ඉන්න ඕනෑ අය එළියේ, නිදහසේ ඉන්න අතර නිදහසේ සිටිය යුතු අය හිරගෙවල් වල නිකරුණේ දඬුවම් විඳිති. කරුණු මෙසේ වනවිටත් ඒවා සාධාරණී කරණය කරන ඇතැම් බත් බැලයන්ද නැතුව නොවේ...

:       2       39

BamunuarachchiMonday, 24 January 2022 07:09 PM

උසාවියට අපහාස කළා කියලා පැමිණිලි කලේ රටේ පුරවැසියන් දෙදෙනෙක් නඩු ඇසුවේ අධිකරණය දඬුවම් දුන්නේ අධිකරණය. පැමිණිල්ල දාපු ගමන් රන්ජන්ව කනෙන් අල්ලාගෙන ගිහිල්ලා කූඩුවට දැම්මේ නැහැ. රටේ දක්ෂ නීතිඥයන් මේ ගොයියන් වෙනුවෙන් නඩුවට කතා කළා. නමුත් බේරාගන්න බැරිවුණා. තව මොනවද ඔහේ දොඩවන්නේ...? රටේ දක්ෂ නීතිඥයින්ට වඩා ඔහේ මේ ගැන දන්නවද? නොදන්නා මගුල් කතා නොකර හිටියොත් තමන් ගොන් රජෙක් කියලා ලෝකෙට පෙන්වන්නේ නැතුව ඉන්න පුළුවන්...

:       45       4

පිටිගල මිලානෝ Monday, 24 January 2022 04:00 PM

වෙනත් රටවලට වඩා අපේ රටේ වෙනස නම් 69 ලක්ශයක් ජනයාගෙන් විශාල කොටසක් මේ හොරුන්ව සාධාරනීකරණය කරන බයියන් වීමයි. එහෙව් රටකට අනාගතයක් තිබේද..?

:       4       51

BamunuarachchiMonday, 24 January 2022 07:16 PM

ඒ කියන්නේ 69 ලක්ෂයක් මිනිස්සු රට පාලනය කරපු යහපාලක ගෙවලයින්ව ප්‍රතික්ෂේප කරපු නිසා... අපිට යහපාලකයිනුත්, බයියනුත් ඔවුන්ට ඡන්දේ දීපු එවුනුත් බයියන්... තේරුණාද ගොයියෝ?

:       47       4

BamunuarachchiMonday, 24 January 2022 07:21 PM

නිකන් ගොබ්බයින් වගේ බයියෝ ගොයියෝ කියලා ගොබ්බකම පෙන්වන්න එපා. රටට කරපු වැඩ කොටස කතා කරමු. ඒ නිසයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. සජබයෝ රටට මොනවා කරලද මිනිස්සු උන්ට ඡන්දෙ දුන්නේ? මම කතා කරන්නේ ෆැක්ට්ස්.. 2005-2015 දක්වා රාජපක්ෂලා රටට කරපු වැඩ කොටස 1977න් පස්සේ රටට කරපු නායකයෙකුගේ නමක් කියන්න? බැරි වුණොත් අන්න ගොබ්බකම බාර ගත්තා වෙනවා.

:       46       6

lankasriMonday, 24 January 2022 11:55 PM

2005-2015 දක්වා රටෙන් හොරකන් කරපුවා තමයි ඉතින් කියන්න තියෙන්නේ දැන් එවයෙ ප්‍රතිපල හොදට විදිනවා මහජනයා. අනෙ ඉතින් ඔය වගෙ බමුනො ඉන්නකල් මෙවගෙ හොරු වැජඹෙනවා අහන්නත් දෙයක්ද.

:       0       1

BamunuarachchiTuesday, 25 January 2022 07:39 AM

පිටිගල මිලානෝ කථා නැත්තේ ගොබ්බ්කම බාර ගත්තා වගෙයි. ඩිස් ලයික් දාපු ගොයියෝ ඉබේම ඒ ගොඩේ

:       5       0

Hafeel Tuesday, 25 January 2022 09:59 AM

මෙන්න 2005 සිට 2015 දක්වා කරපු කෙරුවාව. හෙල්පින් හම්බතොට සුනාමි අර මුදලින් පටන්ගත්තු ගැහිල්ල, ඔතනින් නොනැවතී අද වනවිට සීනි, සුදු ලුණු, නිරෝදානය, ප්ච්ර් වංචා දක්වා වියාප්ත වමින් පවතින්නේ.

:       1       3

BamunuarachchiTuesday, 25 January 2022 06:03 PM

ප්‍රභාකරන් හම්බයින්ව උතුරෙන් පැන්නුවා. සිංහලයා හම්බයින් දකුණෙන් පන්නපු නැති එකේ ප්‍රතිඵල අපි අද විඳිනවා. දෙමල්ලු නම් පැනලා වෙනරටවලට ගියා. හරක්මස් කඩ කාරයින් ගියේ නැහැ.

:       2       0

de silva Monday, 24 January 2022 05:16 PM

පාලකයෝ පවුල් පිටින් හොරකම් කළේ නැතිනම් අද අපට මෙහෙම වේවිද? පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීලගෙන් 95% ක් හොරු.. මේවට විරුද්ධව කතාකළ රන්ජන්ව හිරේ දැම්මා.

:       3       29

BamunuarachchiTuesday, 25 January 2022 08:07 AM

හොරුන්ව අල්ලන්නව අවුරුදු 5ම දුන්න. බලයට ආවේ හොරු අල්ලන්න. රාජපක්ෂගේ ලම්බෝගිනි අල්ලන්න කෝ ඇල්ලුවේ නැහැනේ. හඬපට තියා ගත්තේ හොරු අල්ලන්නලු. අන්තිමට හඬපට වලින් හෙලිඋනේ හොරු නොවෙයි තමන්ම කරපු වැඩ.

:       5       0

BamunuarachchiTuesday, 25 January 2022 05:43 PM

තමන් කරපු වැඩ තමයි.

:       2       0

ලුම්බිණි Tuesday, 25 January 2022 09:05 AM

මාසයක් ඇතුලත දෙන්න කියපු වාර්තාව තවම හදන්නේ මම හිතන්නේ කොමිසමට දින ගැනීමේ ප්‍රශ්නයක් ඇති.

:       0       2

sharm warn Tuesday, 25 January 2022 09:29 AM

මේ බමුණුආරච්චි කියන්නේ පොහොට්ටුවේ මුදල් ගෙවලා දාපු කෙනෙක්

:       1       4

අසංගTuesday, 25 January 2022 02:22 PM

බමුණා මෝඩ වහලෙක්

:       0       1

BamunuarachchiTuesday, 25 January 2022 05:28 PM

වහලෙක්, බයියෙක් කියනවා මිසක් කතාවට එන්නේ නැත්තේ මොකෝ? අපි ජෙප්පන් කියන්න මොවුන් බයයි. ජෙප්පන්ට ඔවුන් ගැන කතා කරන්න දෙයක් නැහැ... ඔවුන්ට ප්‍රශ්නත් නැහැ.. උත්තරත් නැහැ.. බමුණා කතා කරන්නේ සාධක. 2005-2015 දක්වා රාජපක්ෂලා රටට කරපු සේවය 1977න් පසුව රටට කළ නායකයෙකුගේ නම කියන්න. කිව්වොත් මල් කළඹක් දෙනවා. නැතිනම් අසංග හැමදාම දාගෙන ඉන්න මීහරක් අං තට්ටුවක් පළන්දවනවා.

:       2       0

කොමිස් පාලනයTuesday, 25 January 2022 04:55 PM

යහපාලනය හා මේ පාලනයත් හොරාකමින්, කොමිස් ගසමින්, අකාර්යක්ෂම ලෙස මූල්‍ය පාලනය කරමින් රටේ දේශීය නිෂ්පාදන දියුණු නොකර පිට රටීන්ම ණය කන්න හදමු.. මේ කාබාසිනියා ආර්ථිකය නැවත ගොඩනගන්න සැබෑ වුවමනාවක් ඇති පිරිසක් නිර්මාණය කිරීමට සැවොම සහාය වන්න...

:       0       0

අසංග Tuesday, 25 January 2022 02:13 PM

කට වහගෙන ඉදල ඔතනින් එලියට එන්න රන්ජන් අයියෙ. ආයෙත් ඉල්ලන් කන්නෙ නැතිව.

:       0       0

BamunuarachchiTuesday, 25 January 2022 05:34 PM

මෙන්න අල්පොන්සෝගේ මල්ලී කෙනෙක් කතා කරනවා. පර්සියානු කියමනක් තිබෙනවා, නුඹ නුඹේ යහළුවන් කියපන්... එතකොට අපි නුඹ ගැන කියන්නම් කියලා. මෙයාගේ යාලුවා, හිතවතා අල්පොන්සෝ, අසංග කවුද කියලා අපි දන්නවා. මල්ලි පිළිගන්නවා අයියාගේ කටේ නරිවාදම හින්දා අයියා කුඩුවේ ලගිනවා කියලා...

:       2       0

BamunuarachchiTuesday, 25 January 2022 05:41 PM

අයියා ඉල්ලන් කෑවා නේද මල්ලී...? මල්ලී ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද? නොගියාට කමක් නැහැ මල්ලී... ගිය කෙනාගේ වටිනාකම පෙනෙන්නේ මල්ලිලා වගේ අය නිසා මල්ලී. මෙහෙම සිංහල කියමනක් තිබෙනවා ...‘‘කටේ නරිවාදම රෙද්ද පල්ලේ පෙරෙනවා‘‘ කියලා මල්ලී. අල්පොන්සෝට වුනේ ඒකයි මල්ලී...

:       2       0

Bamunuarachchi Tuesday, 25 January 2022 05:19 PM

මේ උන්දෑ යූටියුබ් එකේ හමුවෙනවා නම් මම දන්නවා මෙයාට ලියන්න.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site