
(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පිත්තාශය පිපිරී හදිසියේ මියගොස් ඇති බව රෝහලේ පාලන අංශය පවසයි.
කොළඹ පෞද්ගලික රෝහලකදී මෙසේ මියගොස් ඇත්තේ වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා වූ දුමින්ද සමන් කුමාර මහතා බව වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා පැවසීය.
ඔහු පසුගිය වසරේ පෙබරවාරි මස සිට වතුපිටිවල රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිට ඇත.
මෙම විශේෂඥ වෛද්‍යවරයාට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් මත කොළඹ පෞද්ගලිත රෝහලට ඔහු ඇතුළත් කර ඒ සදහා බයිපාස් සැත්කමක් සිදු කිරීමට සූදානම් කර තිබියදී රෝහලේදී ඔහුගේ පිත්තාශය පිපිරී ඔහු මෙසේ හදිසියේ මියගොස් ඇති බව වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මල සිරුර පිළිබදව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය අද (11දා) දහවල් පවත්වා ඇත.
කොරතොට පාර, කඩුවෙල පදිංචිව සිට ඇති විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා මියයනවිට 49 වැනි වියෙහි පසුවිය. ඔහු දෙදරු පියෙකු වේ.
ආර්ථික අපහසුතාවලින් පෙළෙන දුගී දුප්පත් අක්ෂි රෝගීන් පනස් දෙනකුට අක්ෂිකාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම 50ක් මෙම 13 වැනි දින වතුපිටිවල රෝහලේදී සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා සැලසුම් කර තිබියදී ඔහු මෙසේ මියගිය බව රෝහලේ අක්ෂි වාට්ටුවේ හෙදි කාර්ය මණ්ඩලය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කනගාටුදායක ආරංචියක්
නිවන් සුව ලැබේවා
එතුමාට නිවන් සුව අත් වේවා
කරුමේ කිම වදවෙන මල් සදිසි මිනිස්සු!!! ඔබතුමාගේ භව ගමන සුවපත් වේවා!!!
එතුමාට බලාපොරොත්තු වූ කුසළය සම්පූර්ණ කර ගැනීමට පෙර ගෙනා ආයූ ඉවර වුණද , කුසල් සිත සුගතියකට ගෙන ගොස් ඇතැයි සිතමි.
හිත හොඳ හැමෝම ඉක්මනින් නික්ම යනවා, ඔබට නිවන් සුව වෛද්‍යතුමනි.
අදහන්ඩ වටින දෙවියෙක් වගේ දොස්තර කෙනෙක්.හරිම කණගාටුදායකයි .අමාමහ නිවන්සුව ලැබේවා .
අඩු වයසෙන් මිනිසුන්ට යන්න වෙනවා.. හදිසියේ හටගත් තත්ත්වයක්.... වගකිවයුත්ත කවුද?
නිවන් සුව ලැබේවා.
නිවන් සුව ලැබ්වා.!
මගේ නැන්දම්මාගේ ඇස් වලටත් ඇස් වලටත් ප්‍රතිකාර කල එතුමාටත් නිවන් සුව ලැබේවා.
දුකයි
නිවන් සුව ලැබේවා...!
මෙම මරණය වෛද්‍ය නොසැලකිල්ල නිසා සිදුවී ඇති අතර, මෙම වෛද්‍යවරයාට හෘද රෝගයක් හෝ පිත්තාශයේ ආසාදනයක් තිබේද, මගේ දැනුමේ හැටියට පිත්තාශය කැඩී යාම ආසාදනයක් සමඟ සිදු වේ.