IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෙට්‍රල් රුපියල් 5කින් පහළට

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බවත්  ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල  රුපියල් 5 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ  තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 294 ක් සහ  ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 318 ක් බවත් එම සංස්ථාව කීය.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 355 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 180 ක නොවෙනස්ව තවදුරටත් පවතින බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

පෙට්‍රල් රුපියල් 5කින් පහළට

Weerakon Saturday, 01 November 2025 07:33 AM

පෙට්‍රල් වලින් පහක් අඩුකරල ඩීසල් වලට පහක් වැඩිකරලා කියන්නේ වම් සාක්කුවෙන් අරගෙන දකුණු සාක්කුවට දැම්මා වගේනේ...

:       0       0

සිල්වා Saturday, 01 November 2025 09:43 AM

දුකයි. තාම එකසිය හැටට වෙච්චි දෙයක් නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site