IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පුංචි මන්ත්‍රී පුටුවලට මහ ගෝරි

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තාවේ.

මේ තත්වය යටතේ පළාත් පාලන ආයතන පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, සතියක් ඇතුළත සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතන වලට පත් කෙරෙන සභිකයන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි වන්නේ මෙම සියලුම නාම ලේඛන ලැබුණු පසුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 



අදහස් (6)

පුංචි මන්ත්‍රී පුටුවලට මහ ගෝරි

කෞෂි Saturday, 17 May 2025 11:08 AM

තව එකතුවෙලා බලේ ගන්නලු යන්නේ. මේ අය එකතුවෙලා බලේට ආවොත් මිනිස්සු මැරෙන්නේ හිනාකාලා...

:       8       36

Mangala Saturday, 17 May 2025 01:54 PM

පරණ ක්‍රමයට ඡන්ද තිබ්බා නම් කිසි අවුලක් නෑ. දැන් මේක කැඳ හැලියක් වෙලා තියෙන්නේ.

:       2       29

ගමේ එකාලා Saturday, 17 May 2025 02:20 PM

දූෂිත දේශපාලුවෝ බලයේ හිටපු කාලේ කරපු හරිය හොඳට ඇති. දැන් ඉන්න අය හදන්නේ ගමේ බලය අල්ලාගෙන ගමටත් කෙළින්න...

:       16       17

Sudha Saturday, 17 May 2025 02:46 PM

කලුතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය සභාවක වැඩි ආසන ගාණක් (මුලු බහුතරය නෙවෙයි) විපක්‍ෂය දිනලා. ඒ ආසනයේ ඉන්න පාර්ලිමේන්තු විපක්‍ෂ මන්ත්‍රී ඡන්දයට කලින්ම හොරෙන් ඩීල් දාලා ගත්ත වෙන පක්‍ෂයක කෙනෙක්ට තනි කැමැත්තට බෝනස් සීට් එක දීලා. ඒ කාන්තා නියෝජනය කියලාලු... තමන්ගේ පක්‍ෂයේම දර දිය ඇදලා කොට්ඨාස දිනවලා දීපු අය ලැයිස්තුවේ ඉඳිද්දී ඡන්දය ඉල්ලලා පැරදුණු පැරෂුට්කාරිට දීලා. පක්ශයෙන් කිව්වා කියලා ඡන්දය ඉල්ලලා පැරදුණු අඩු වයසේ කෙනෙක්ට දෙන්න කියලා. පක්ෂයෙන් කිව්වා කියන කෑල්ල බොරුලු. තමන් පක්ෂ නායකයා කිව්වත් අහන්නේ නෑ කියලාලු. ඩීල් කියලා තමයි කියන්නේ....

:       1       15

RAM Saturday, 17 May 2025 09:51 PM

මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙච්චර ප්‍රාදේශීය සභා සභිකයින් පිරිසක් එක ප්‍රාදේශීය සභාවකට? කිසිම වැඩක් කරන්නේ නැති බහුතර මුන් ඔක්කෝම නඩත්තු කරන්න ඕනේ මහජන මුදල් වලින්, ඒ අස්සේ ජාතික ලයිස්තුත් දාලා. ඉන්දියාව අපිට දුන්නු ලොකු ටොපියක් මේක.. සුදු අලියෙක්.. රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන එකක්...

:       0       1

Punchi Manthri Sunday, 18 May 2025 01:52 PM

අපිට සදාකල් මිතුරොත් නැහැ. සදාකාලික හතුරොත් නෑ. අපිට කිසිම ප්‍රතිපත්තියකුත් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 674 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site