
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැපසල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි.
ඊට ජංගම නිරීක්ෂකයෝ අටසීයකට අධික පිරිසක් ඇතුළත් වෙති.
කැෆේ සංවිධානයද නිරීක්ෂකයන් 1250 දෙනකු යොදවන බව එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය යොදවන නිරීක්ෂකයන් සංඛ්‍යාව 200කි. මේ තවම අතරම ජංගම නිරීක්ෂණ රථ පනහක් ද යොදවනු ලැබේ.
මෙම ඡන්ද විමසීම සඳහා කිසිදු විදේශය නිරීක්ෂකයකු සම්බන්ධ නොවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්