(මනෝප්‍රිය ගුණසේකර)
පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කෙරිණී.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නීතිඥ කොෂල්‍යා ජයවීර, ගල්කිස්ස හිටපු නගරාධිපති උපුල් ගමගේ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කල්දමා ඇති පලාත් පාලන. මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලූතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්හ.
මේ හේතුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබු අපේක්ෂකයන්ට ඉමහත් අසාධාරණයක් වන්නේ යැයිද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කී නීතීඥවරු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටිති.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වුයේ පනත් කෙටුම්පතේ තිබු දුර්වලතා මගහැරීම බවත් නව ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී ඔවුන්ගේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවත් කීය.
මෙම පනත් කෙටුම්පත මගින් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා වන බවත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන බවත් කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පනත් කෙටුම්පත මඟින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවත් කී නිර්මලන් විග්නේෂ්වරන් මහතා සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ අනුමැතියෙන් මෙම පනත සම්මත කළ හැකි යැයි කීය.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධ තීන්දුව ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කරන බව දැනුම් දුන්නේය.
පෙත්සම්න්කරුවන් වෙනුවෙන් නීතිඥ භූපති කහපිටිය මහතා සමඟ ජනාධිපනීතිඥවරුන් වන විරාජ සිල්වා සහ රහුෆ් හකිම් යන මහත්තුරු පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී