IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පුංචි ඡන්දෙදි ගොඩක් අය ඡන්ද දාන්නේ නැති වෙයි

(අංජුල මහික වීරරත්න)

මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

පාලන පක්ෂයට ලබා නොදෙන සෑම ඡන්දයක්ම එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද එජාප සභාපතිවරයා කීය.

රටේ ආර්ථික අර්බුදයක් පැන නගින හැම අවස්ථාවකදීම එජාපය  ඉදිරියට පැමිණ පාලන බලය ගෙන ආර්ථික අර්බුද කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂය විසින් බවද වජිර අබේවර්ධන මහතා පැවසීය.

 ඒ දේවල් ශ්‍රී ලාංකික මහජනතාව අමතක නොකරනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.

ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ දී අලුත් අවුරුද්දෙන් පසු වැඩකටයුතු ආරම්භ කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (15)

පුංචි ඡන්දෙදි ගොඩක් අය ඡන්ද දාන්නේ නැති වෙයි

කව්ද බෝයි Wednesday, 16 April 2025 12:48 PM

රටේම ජනතාව, අවශ්‍ය වූ වෙනස කරලා ඉවරයි. ජනතාව පුංචි ආණ්ඩු ටිකත් හොරු, තක්කඩි නොවන අයටම දේවි.

:       2       31

පිටරටවැසියා Wednesday, 16 April 2025 12:52 PM

භාවිතා නොකර ඉවතලන ඡන්දය ඉල්ලන තරමටම බංකලොත් වෙලා. හොඳම වැඩේ තව දසවසරකටවත් මැතිවරණවලට ඉදිරිපත්නොවී ඉන්න එක. එතකොටවත් පච නොවී ඉන්න පුළුවන් වේවි...! 

:       2       30

පිටරටවැසියා Wednesday, 16 April 2025 12:59 PM

භාවිතා නොකර ඉවතලන ඡන්දය ඉල්ලන තරමටම බංකලොත් වෙලා. හොඳම වැඩේ තව දසවසරකටවත් මැතිවරණවලට ඉදිරිපත්නොවී ඉන්න එක. එතකොටවත් පච නොවී ඉන්න පුළුවන් වේවි...!

:       2       13

ලක්මල් Wednesday, 16 April 2025 01:12 PM

අනේ යන්න. ගොන් කතා නොකියා...

:       2       24

බකල ජයා Wednesday, 16 April 2025 01:16 PM

අනේ මන්දා මිස්ටර් ෂෝට් පර්සන්... ඔයා කියනවා නම් ඉතින් ඕගොල්ලන්ට නොදී ඉන්නම්...

:       1       26

නිර්මාල් Wednesday, 16 April 2025 01:52 PM

එහෙමද ආස...? පිස්සුද අවුරුදු ඉවරයි. අපි යනවා ඡන්දය දාන්න. නොගිහින් කොහොමද?

:       1       20

ගමේ එකාලා Wednesday, 16 April 2025 02:25 PM

තමුන්ගේ පක්ෂයේ අයට නම් කීයටවත් ඡන්දේ දෙන එකක් නැතිවෙයි.

:       1       19

Perera Wednesday, 16 April 2025 02:33 PM

ඔහෙට නම් මොනම ඡන්දෙකටවත් මොලයක් තියෙන මනුස්සයෙක් ඡන්දෙ දෙන්නේ නෑ.

:       1       18

සෙනෙවිරත්න Wednesday, 16 April 2025 03:56 PM

මේ හදන්නේ ඡන්දේ නොදාපු සේරම මෙයාලාට දෙන ඡන්ද කියලා මතයක් හදන්න. මම නම් කියන්නේ මෙතැන් සිට ඉදිරියට අලියා පෙට්ටියක දමා අඩි හයක් යටට යන බව...!

:       1       10

ජිල්බු Thursday, 17 April 2025 08:38 AM

නැට්ට පිටින්ම?

:       0       0

Nihal Wednesday, 16 April 2025 04:19 PM

අපි නම් අලුත්ජේ ජෙප්පේ, ඡන්දය දාන්න යනවාමයි

:       1       4

R W Dharmawardhana Wednesday, 16 April 2025 06:16 PM

රටට වඩා දැන් ඒ.ජා. පක්ෂය බංකොළොත් වෙලා ඡන්දය දිය යුත්තේ කුමන පක්ෂයටද යන්න පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් ඇත.

:       1       8

සාලිය Wednesday, 16 April 2025 10:34 PM

ඉතුරු වෙන ඒවා බල්ලාට. නොදාන ඡන්ද එජාපෙට....

:       0       1

වජිරගෙ අප්පොච්ච Thursday, 17 April 2025 02:13 AM

නම්බුව කන්න එපා කොල්ලෝ. ගල්පොකුණ වත්තට ගිහින් රනිල් එක්ක වැල්පෙනෙල කන්න.

:       0       2

Rata Perata Thursday, 17 April 2025 12:19 PM

මේ වගේ කාලකන්නි අපතයන් දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන් විදියේ පරිසරයක් ඇති කරපු වුන්ට හොඳක් වෙන්නේ නෑ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 740 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site