IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් සපිරි නිෂ්පාදන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට  ලබා දීමේ නෙස්ලේ සමාගමේ අරමුණු සමඟ අත්වැල් බැඳගත් විවිධ ව්‍යාපාරික හවුල්කරුවෝ මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

වසර 115කට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන නෙස්ලේ ලංකා සමාගම සිය විශ්වාසවන්ත හවුල්කරුවන් සමඟ එක් වෙමින් වත්මන් ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ මෙන්ම අනාගත පරපුරේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට කැපවී කටයුතු කරයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර පාන සැපයුම්කරු ලෙස මෙන්ම ජනප්‍රිය සන්නාම රැසක උරුමකරු ලෙස ළදරුවාගේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන රසවත් හා පෝෂණීය ආහාරපාන සැපයීමට නෙස්ලේ ලංකා කටයුතු කරනු ලබයි.

ගොවිපොළේ සිට පරිභෝජනය දක්වා සෑම පියවරකදීම ඉහළම තත්ව ප්‍රමිතීන් පවත්වාගෙන යාමට කටයුතු කර ඇති නෙස්ලේ ලංකා සමාගම ඒ වෙනුවෙන් සිය ව්‍යාපාරික හවුල්කරුවන්ගේ ශක්තිය හා සහයෝගය ලබා ගැනීමටද කටයුතු කර ඇත්තේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත තිළිණ කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. “අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ නිරන්තර විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කරන අප ඔවුන් සවිබල ගැන්වීම හා හොඳම භාවිතයන් ඔවුන් වෙත ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.

විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම ඒ තුළින් තහවුරු කිරීමට අපි කටයුතු කළා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අපගේ සුවහසක් පාරිභෝගිකයන් වෙත රසයෙන් හා ගුණයෙන් පිරිපුන් නිෂ්පාදනයක් ලබා දීමේ අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටින ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ‘Connect@Nest’24’ සඳහන් කළ හැකියි.”

මෙහිදී අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂ කාංචන ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “අභියෝගාත්මක කාලයන්හිදී මුහුණ දුන් දුෂ්කරතා ජය ගනිමින් පාරිභෝගිකයන්ට  තත්වයෙන් උසස් නිෂ්පාදන ලබා දීම සඳහා අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ කැපවීම සුවිසල් ශක්තියක් වූ බව සඳහන් කළ හැකියි. 

ඔවුන් අප වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීම වෙනුවෙන් ‘Connect@Nest’24’ වැඩසටහන සංවිධානය කිරීමට අපි කටයුතු කළා. ඒ තුළින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් අපගේ ගමනට සහයෝගය දැක්වීම සඳහා  ඔවුන්ගේ උත්සාහය හා කැපවීම අගයනු ලැබුවා.’’

-595



අදහස් (0)

නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 666 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 849 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site