
(රෝෂන් තුෂාර)
නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය.
කොළඹ පහළොව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මුදල් සොරා ගත් බවට ලද පැමිණිල්ලකට අනුව මෝදර පොලිසිය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත භාරයට පත් කෙරිණි.
බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකු මෙලෙසරක්ෂිත බන්ධනාගාර ගත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද පොලිසියයි බුද්ධි අංශ විශ්වාස කරන්නේ...