
(චාපා මධුභාෂිණි)
මැදිරිගිරිය ඉන්ධන පිරවුම් හලෙන් තම යතුරු පැදියට ලබාගත් ඉන්ධන මැදිරිගිරිය රෝහලේ සාත්තු සේවිකාවක ඊට මීටර් 20 පමණ දුරකට යතුරු පැදිය රැගෙන ගොස් එම ඉන්ධන සියල්ලම බූලියකට අදින අයුරු ඒ අසල සිටි පුද්ගලයකුගේ කැමරාවක සටහන් විය.
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 10කට පසුව ඊයේ (21) ඉන්ධන තොග ලැබුණු අතර එම ඉන්ධන ලබා ගැනීමට අති විශාල පිරිසක් දින 10ක් පුරා පෝලිම්වල සිටිනු දක්නට ලැබිණි.
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න සහ මැදිරිගිරිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරසිරි මහතාගේ එකඟතාව මත ඉන්ධන ලබාදීමේදී මැදිරිගිරිය රෝහලේ සියලුම සේවකයනට විශේෂත්වයක් දැක්වීමට අවශ්‍ය පියවරගෙන තිබුණි.
එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මැදිරිගිරිය රෝහලේ සාත්තු සේවිකාවක සමූපකාර ඉන්ධනහලෙන් ඉන්දන ලබාගෙන ඊට මීටර් 20 පමණ දුරට ගොස් තවත් අයකුගේ සහායෙන් එසේ ලබාගත් ඉන්ධන බූලියකට ඉවත්කර ගැනීමේ සිද්ධියට නගරවාසීහු සිය අප්‍රසාදය ප්‍රකාළ කළහ.
ඉන්ධන ලබාගැනීමේදී ප්‍රදේශීය ලේකම්වරයාගේ ඉල්ලිම මත මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම්කාර්යාලයේ කිසිදු සේවකයකු ඉන්ධන ලබා ගැනීම සිදු නොකළ බව වාර්තා වෙයි.
රෝහල් සේවකයන්ට ඉන්ධන ලබාදීමේදී මූලිකත්වයක් දී දුන්නේ යම් හෙයකින් රෝහලේ කටයුතු වලට බාධාවක් එල්ල එය ජනතාවට දැඩි ලෙස බලපෑමක් වන බව ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේය.
එවන් වාතාරණයක තුළ මෙවැනි ක්‍රියා සමාජය අනුමත නොකරන බව බොහෝ පිරිස් කියති
මේ සම්බන්ධයෙන් මැදිරිගිය මූලික රෝහල් අධිකාරි අනුරසිරි මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. මෙම වංචාවට සම්බන්ධ සුළු සේවිකාව දැනට හඳුනාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරිවරයා දැනුවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

රෝහල් අධිකාරිවරයා සිය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාගැනීමට මැදිහත්ව සිටි අයුරු
2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිල ඇඳුමටත් නිගාවක්