(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ඉන් නියමුවන් 80 ක් පමණ ඉවත්වුවහොත් මෙම වසර මැද වන විට ගුවන් සමාගම දැඩි අර්බුදයකට පත්වන බව සඳහන් කළ එම නිලධාරියා පැවසුවේ පසුගිය දෙසැම්පබර් මස සිට ඩොලරය රුපියල් 295 කට ගණනය කිරීම ආරම්භ කළ බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එමිරේට්ස්ලගෙන් ඕක ගත්ත දවසෙ ඉදන් පාඩු පිට දුවන්නෙ ඕක. පාඩු වෙන්නෙ බිලියන්වලින්. ඕක වැහිලා ගියොත් රටට හොදක් වෙයි..
නියමුවන්ට විතරක් නෙවේ ඔකෙ නිතර යන අපිටත් එපාවෙලා තියෙන්නෙ
රටෙ සමස්ත ජනතාවම පීඩාවෙන් ඉන්නෙ බහුතර්යකට මෙ රට දාල වෙන රටකට යන්න ක්‍රමයක් නැතුව ඉන්නෙ නායකයන්ගෙ තියෙන්නෙ බලෙ ඉන්න පෙරේකම විතර්මයි. රට ගොඩ ගන්න උවමනවක් හෝ හැකියවක් මෙයාලට නැත.
ශ්රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති, සභාපති දුරයට පත් වූ දා, එක් තරා YouTube නාලිකාවට එවින් ලොකු ලොකු කතා කියල, ආයතනය ගොඩ දානවයි කියමින් පොම්බෝරිත් ගහල, කරන්න බැරි නම්, කොව්රුත් කියන්නට කලින් සභාපති දුරය දාල යනවයි කියල කිව්වා. නමුත් තවම මෙම සමාගම පාඩුවෙන් දුවනවා පමණක් නොවේ, ජනාධිපති මෙම ගුවන් සමාගම විකුනන්නත් ඕන කියල යෝජනාවත් කරලා තියන්නේ.
වහලාම දාන්න ලොකු දෙයක්... නැතිනම් ඕකත් යන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි...
බොන්න පිරිසිදු වතුර ටිකක් නැති ගම්වල මිනිස්සුන්ගේ වාසනාව...
කොච්චර හොඳට තිබුණු රටද මේ කාලකණ්ණි පොහොට්ටුවේ සෙට් එක මේ තත්වයට පත්කළේ? මේ කරපු අපරාධයට නම් මොවුන්ට හොඳක් සිදුවෙන්නේ නැහැ.
මේ වගේ අනික් රාජ්‍ය ආයතනවලත් රැකියා කරන, රජයේ ආදායමෙන් 90%ක් වැටුප් වශයෙන් කාබාසිනියා කරන, රාජ්‍ය සේවකයින්ටත් තමන් රැකියා කරන තැනින් ඉවත් වෙලා පෞද්ගලික අංශයේ රැකියාවක් හොයාගන්න හිතෙනවා නම් රටේ ආර්ථික ප්‍රශ්න භාගයක් විසඳෙනවා...
මේ යන විදියට මිනිස්සු කියන්න පටන් ගනන්වා, අනේ කොහොම හරි කබ්රාල්ව ආයිම මහා බැංකුවට ගෙන්න කියලා. ඩොලර් එක හිර කරලා පිළිකා රෝගීන්ටත් බෙහෙත් ගෙන්න ඩොලර් නැති රටක, අපි කියනවා දැන් අපි ස්ථාවරයි කියලා. මෙච්චර කැමැත්තෙන්ම රැවටෙන වෙන මිනිස්සු ඉන්න වෙන රටක් තියේද. වෙළඳ පොළ ආර්ථිකේ ඩොලර් ඇතුලේ හිර කරලා. රස්සා නැති වෙනවා. බිස්නස් වැහෙනවා. අම්මල තාත්තලා ගඟේ මුහුදේ පැනල මැරෙනවා දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව. බිස්නස් පාඩුවෙලා, බිස්නස් කාරයෝ දිවිනසා ගන්නවා. නන්දලාල් අවු 40 පරණ වෙළඳපොල ආර්ථික ඔරලෝසුව, බලෙන් අනික් පැත්තට කරකවලා, මේකයි හරි වෙලාව කියලා, බොරු වෙලාවක් පෙන්නලා වැඩ තියේද. නන්දලාල් ගෙනත් තියෙන්නෙම ඩොලර් බෝම්බයක් හදල ඊළඟ එන ආණ්ඩුවට බාර දෙන්න. කබ්‍රාල් හොරා කෑවත් දැක්කා කවදාවත් ඩොලර් රේට් හිර කරගෙන අපිට නැගිට්න්න බැරි බව.
ඉතින් යන්නකෝ ඒ තිස්-හතළිස්දාහක් ගෙවන තැනකට.., හවුස්මේඩ්ලා 100ක් යැව්වා වගේනේ එක්කෙනෙක් ගියාම...? ඉන්න ඔක්කොම ගියානම් රටම ගොඩනේ...!
තවමත් රනිල් රාජපක්ෂට කඩේ යන රට ගොඩ දානකම් බලන් ඉන්න අම්ඛරුවොත් ඉන්නවනේ .
යන කෙනෙකුට යන්න කියන්න.. අපේ ගුවන් යානා පදවන්න ඇයි රනිල්, මහින්ද, පාඨලී, විමල්, ගම්මන්පිල, වජිර, රංගෙ, කබ්රාල්, ජොන්ස්ටා, මාල හොරා, මහින්දානන්ද, පවිත්‍රා, කාංචන වගේ දක්ෂ නියමුවන් ඉන්නවානේ. මොකටද බය වෙන්නේ... ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් 200 ක්ම ගැලපෙනවා... ඔය වැඩේට. ලැට් හෝදන්නත් වෙන අය අවශ්‍ය නැහැ. ඒ ගොල්ලන්ටම පුළුවන් ඒ වැඩේත් කරන්න. එතකොට ඕටී එහෙම ගන්න පුළුවන්නේ. ඇයි නාමල්, කාංචන, විජේදාස වගේ අයත් ගොඩක් හොඳයි. කිසිදේකට බයවෙන්න එපා. තව අලුත්ම එක්කෙනා තමයි මහ බැංකු අධිපතිතුමා...
ඉස්සෙල්ලා 225 අඩුම 50කට අඩුකරන්න. කෝට්ටේ පාර්ලිමේන්තුව පොදු සම්මන්ත්‍රණ ශාලාවක් කරලා ආදායම් ලබන තැනක් කරන්න. පරණ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න. බදු මුදලින් හැමෝටම නිදහස් ලෙස ඉගෙනගෙන දියුණු වෙන්න පුළුවන්. එහෙම බැරි අය අනුන්ගේ බදුවලින් පිනට කන්න බලන් ඉන්නවා...
රට දැන් තිබුනට වැඩිය හොඳනම් ඇයි විදුලි ඇමති හැම වෙලේම නාහෙන් අඬාගත්තු ගමන් ඉන්නේ..? බදුපිට බදු ගහන්න සැලසුම් කරන්නේ, මිනිසුන්ට පඩි ගෙවන්න සල්ලි නැහැ කියන්නේ, මිනිසුන්ට අත්‍යාවශ්‍යම දේ වන ඖෂධ නැතිව ලෙඩ්ඩු දුක් විඳින්නේ සහ මැරෙන්නේ? මොන බොරු කතාද මේ? අපි කන හැටි ලිපා දනී... බලන්න අත්‍යාවශ්‍ය ආහාරවල - ඖෂධවල මිල? මේ හොඳ තත්ත්වයක්ද?
මහින්ද මහත්තයා ඉන්න කාලේ ඕවායේ තෙල් වතුරවත් බලන්න වෙලාවක් තිබුණේ නැහැ... ලෝකේ වටේම හෙන්චයියලා දාගෙන රවුම් ගැහුවා.
නිශාන්ත වික්‍රමසිංහ ගොබිල , ඔතන ඉදල කෙලපු සල්ලි ටිකයි ගත්ත සැපයි වෙනුවට වන්දි නම් මොන රජයක් ආවත් ගන්න වෙයි. සජිත් ආවොත් ඒකට full stop , හැබැයි n p p එක ආවොත් ඒ ගැන විශ්වාසය තියන්න පුලුවන්.
මාසෙකට ලක්ෂ 22ක්... හරිද?
මෙක ඉක්මනට වහල දමන එක රටෙ යහපතට හෙතු වෙනව , වසරකට මෙක නඩට්තු කරන්න රුපියල් කොටි 2000 කට වඩි මුදලක් වියදම් වෙනව , මෙක වහුවොත් එම මුදල් ඉතුරු වෙනව.