
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර ඇත.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගත් තීරණයක් අනුව එම පියවර ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාද සිල්වා මහතා පැවසීය.
එහෙත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවලදී පුටුව ලකුණ අයත් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ තර්ක කරන බවද ඒ මහතා කීය.
පක්ෂ මූලස්ථානයේ අද (04) සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාවපතිවරයා ඒ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ගැලපෙන්නේ එම පක්ෂේ, එකම කුරුල්ලෝ වහන්නේ එකම අත්තේ, මහා බැංකු හොරු, කප්පම් කාරයෝ, මාල හොරු ඇතුළු මෙකී, නොකී ඔක්කෝම වර්ගයේ හොරු ඉන්නේ එතැන.. කොමිස් කාරයෙක් වන ඔබට එතැන හොඳට ගැලපෙනවා.. ප්‍රශ්නෙකට තිබෙන්නේ මිනිස්සු ඕකට ඡන්දේ නොදෙන එකයි...!
නිදිකුම්බා කොලේ ලාංජනය කරගන්න දිනන්න ඕනැ නම්
ඔබලා තව මොකට ජීවත් වෙනවාද?
සිරිපාල මෙදා සැරේ තමයි ගෑස් ටැංකියත් එක්කම පිපිරිලා යන්නේ... කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙන්න.
අනේ කොහොම හරි එන්න ඔයාව අගමැති කරලා ආයේ ජපනුන්ගෙනුයි, චීන්නුන්ගෙනුයි පගාව ඉල්ලාගෙන රට සංවර්ධන කරනතුරු අපි බලාගෙන ඉන්නවා...!
ගෙදරට වෙලා නිදාගන්න.
හොඳම වැඩේ "ඇඳ" ලකුණින් තරඟ කිරීම. කොහොමත් වෙන්නේ ගෙදරට වෙලා ඇඳ බදාගෙන බුදියාගන්න තමයි.
ඔය මොකෙන් ආවත් මෙදා සැරේ යනඑන මන් නැතිවෙනවා...
කරුණාකර ගෙදර යන්න... ඔබ මේ ජාතියට ඕනෑවටත් වඩා කර ඇත.!
ගරු නිමල් මැතිතුමනි, මුළු රටේම උගත් බුද්ධිමත් ජනතාව ඔබ සමඟයි.
මූණ නිකං නයා මැරිච්ච අහිකුණ්ට්කයගෙ වගේ..!
නාමයෝජනා ගන්න විදිහක් නැතිව නන්නත්තාර වෙලා ඉන්න අය ජාතික ජනබලවේගයට රිංගන්නත්බලන පාටයි. අන්තිම රන්ජන් කිව්වා වගේ ඔක්කොම යාළුවෝ වුණොත් තමයි.
මේ වගේ අය ආයෙත් පාර්ලිමේන්තු එවන්න මිනිස්සු මෝඩ වෙන එකක් නෑ කියලා හිතනවා.
කට්ටිය නන්නත්තාර වෙලා වගේ ඉන්නේ... අනේ වාසනාවන්...!
සියයට 17... 1.7ට බස්සන්නයි යන්නේ...!