IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි

(නාලක සංජීව දහනායක)

 

රටවල් 48 ක් සදහා ලබාදී තිබූ නිදහස් වීසා කාලය අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පසුගිය වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසුව මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉතාම අවම මට්ටමක පැවැතීම නිසා පසුගිය වසරේ අගෝස්තු මස සිට සංචාරකයන් මෙරටට පැමිණීමේ නිදහස් වීසා පහසුකම ලබාදී තිබිණි.  

එම නිදහස් වීසා කාලය මේ මස 31 වැනිදායින් අවසන් වීමට නියමතව තිබුණි. නමුත් මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇතත් එය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නිදහස් වීසා කාලය ලබාදෙන බව අමාත්‍යවරයා කීය.  

ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප‍්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48 ක් සඳහා මෙම නිදහස් වීසා පහසුකම ලබාදී තිබිණි.

 



අදහස් (0)

නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site