
(යොහාන් භාසුර)
නැගෙනහිර පළාතේ දැනට පාවිච්චි කරන සියලුම පාලම්පාරුවල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (25) පැවසුවාය.
පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව ඇතුළත් කණ්ඩායමක් ඒ සඳහා පත් කරන බව කී ආණ්ඩුකාරවරිය කින්නියා ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළීම වැනි සිදුවිම් යළි නොවීමට කටයුතු කිරීම හැර මෙය එකිනෙකාට ඇඟිල්ල දික්කිරීමේ අවස්ථාවක් නොවන බව ද සඳහන් කළාය.
යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයෙන් වැඩිම පාලම් සංඛ්‍යාවක් ඉදිකළ ප්‍රදේශය නැගෙනහිර පළාත බවත් ‘කොවිඩ්’ හේතුවෙන් වැඩ නතර කිරීම කුරුඤ්ඤංකර්නි පාලමේ ඉදිරිකිරීම් ප්‍රමාද වීමට හේතුව බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.
කින්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා කින්නියා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් බැලීම සදහා අද (25) පෙරවරුවේ රෝහලට ගිය අවස්ථාවේ ආණ්ඩුකාරවරිය එසේ කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ඔය පොල්තෙල්වල ගුණාත්මක භාවය සෙව්වා වගේ වැඩක්. දැන් කාටත් පොල්තෙල් අමතකයි. ප්‍රභාකරන් කිව්වනේ සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සුමාන 2යි කියල. කොතරම් සත්‍යයක්ද? දැන් ඒක සිංහල දේශපාලකයෝත් දන්නවා. කාලය සමග ප්‍රශ්නය අමතකවෙන නිසා ඔහේ මොනවා හරි කියනවා. දිනපතාම අලුත් ප්‍රශ්න මතුවෙනවා. දිනපතාම ඔහේ මොනවා හරි කියමින් රට කනවා.