IMG-LOGO

නිළි රැජිණට මැතිසභා විවාදයක් ලබන 25

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි  මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය.

මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ   ලකී ජයවර්ධන යන මහත්වරුන්  පිළිබඳ ශෝක  යෝජනා විවාදද  එදින පැවැත්වේ.

විවාදය   එදින   පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය මැයි මස 23  වැනිදා අභාවප්‍රාප්ත වූවාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්  සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවූවාය.

 



අදහස් (2)

නිළි රැජිණට මැතිසභා විවාදයක් ලබන 25

බද්රානි Tuesday, 08 July 2025 07:50 PM

මියගියාම ජනතාවට සතුට දැනෙන දේශපාලකයින් සිටින රටක, මාලනී ෆොන්සේකා වැනි ප්‍රතිභාපුර්ණ නිළියකගේ මියයෑම කනගාටුවට කරුණක්... නමුත්, දැන් ඇය ගැන පුහු ප්‍රසස්ති වයමින්, ලංකාවේ අමන තක්කඩි දේශපාලකයින් අයගේ මියයෑම මොවුන්ගේ දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කිරීමට නේද මේ සැරසෙන්නේ..? මාලනී මහත්මියට උපහාර පිදීම කෙසේ වෙතත්, මේ දේශපාලන අමනයින් එතුමියටත් අගෞරවයක් කරමින් කුලල් කා ගැනීමට නේද මේ සැරසෙන්නේ...තමන්ගේ හැකියාව වෙනුවට, අනුන්ගේ මරණ පවා විකුණගෙන කන, විකුර්ති ජාන සහිත එවුන් තමයි ලංකාවේ දේශපාලකයෝ කියන්නේ... මේවාට හුරේ දමන අමන ජනතාවකුත් සිටිනවා...මම නම් ඕවාට ඉතාම පිළිකුලෙන් මේ පාදඩ නාඩගම් වලට "හූහූ" කියනවා...!

:       0       0

de silva Wednesday, 09 July 2025 12:40 PM

පාර්ලිමේන්තුව කැඳවන්න දිනකට රුපියල් කෝටියකට වැඩි මුදලක් වියදම් වෙනවා. මැරුණු නිලියෝ ගැන වාද විවාද කරනවාට වැඩිය විසඳන්න රටේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. මේ විදිහට ජනතා මුදල් නාස්තිකරන එක සාධාරණද? මීට වැඩිය හොඳ නැද්ද මාලිනි ෆොන්සේකාට පින් පිණිස අනාථ නිවාසෙකට හෝ දුප්පත් මිනිස්සුන්ට කෑම වේලක් දුන්නා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 377 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 225 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site