නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් සපිරි නිෂ්පාදන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට ලබා දීමේ නෙස්ලේ සමාගමේ අරමුණු සමඟ අත්වැල් බැඳගත් විවිධ ව්‍යාපාරික හවුල්කරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වසර 115කට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන නෙස්ලේ ලංකා සමාගම සිය විශ්වාසවන්ත හවුල්කරුවන් සමඟ එක් වෙමින් වත්මන් ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ මෙන්ම අනාගත පරපුරේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට කැපවී කටයුතු කරයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර පාන සැපයුම්කරු ලෙස මෙන්ම ජනප්‍රිය සන්නාම රැසක උරුමකරු ලෙස ළදරුවාගේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන රසවත් හා පෝෂණීය ආහාරපාන සැපයීමට නෙස්ලේ ලංකා කටයුතු කරනු ලබයි.
ගොවිපොළේ සිට පරිභෝජනය දක්වා සෑම පියවරකදීම ඉහළම තත්ව ප්‍රමිතීන් පවත්වාගෙන යාමට කටයුතු කර ඇති නෙස්ලේ ලංකා සමාගම ඒ වෙනුවෙන් සිය ව්‍යාපාරික හවුල්කරුවන්ගේ ශක්තිය හා සහයෝගය ලබා ගැනීමටද කටයුතු කර ඇත්තේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත තිළිණ කරමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. “අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ නිරන්තර විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කරන අප ඔවුන් සවිබල ගැන්වීම හා හොඳම භාවිතයන් ඔවුන් වෙත ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.
විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම ඒ තුළින් තහවුරු කිරීමට අපි කටයුතු කළා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අපගේ සුවහසක් පාරිභෝගිකයන් වෙත රසයෙන් හා ගුණයෙන් පිරිපුන් නිෂ්පාදනයක් ලබා දීමේ අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටින ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ‘Connect@Nest’24’ සඳහන් කළ හැකියි.”
මෙහිදී අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂ කාංචන ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “අභියෝගාත්මක කාලයන්හිදී මුහුණ දුන් දුෂ්කරතා ජය ගනිමින් පාරිභෝගිකයන්ට තත්වයෙන් උසස් නිෂ්පාදන ලබා දීම සඳහා අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ කැපවීම සුවිසල් ශක්තියක් වූ බව සඳහන් කළ හැකියි.
ඔවුන් අප වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීම වෙනුවෙන් ‘Connect@Nest’24’ වැඩසටහන සංවිධානය කිරීමට අපි කටයුතු කළා. ඒ තුළින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් අපගේ ගමනට සහයෝගය දැක්වීම සඳහා ඔවුන්ගේ උත්සාහය හා කැපවීම අගයනු ලැබුවා.’’
-595
මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ
තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි
ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ
ට්‍රැක් ලන්තවාසීන් බොක්කෙන්ම උනන්දුව දක්වන කාරණාවක් තමයි මේ රට හදන වැඩේ. රටේ ඇතිවන ඕනෑම අර්බුදකාරී තත්ව හමුවේ මේ අය උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. වචනයේ
රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ
දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර