
(නිමල කොඩිතුවක්කු)
සංචාරක කලාප 13 ක් අලුතින් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව එහි ප්‍රකාශකයෙක් පැවසිය.
මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති අතර එයට අමතරව මෙම නව සංචාරක කලාප හදුන්වාදීමට නියමිතය.
වසරේ ගතවූ මුල් දින නමය තුළ සංචාරකයින් 70944 ක් මෙරටට පැමිණ ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
2024 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්ෂ පනස්තුන්දහස් හාරසීය හැටපහකි.
COMMENTS
නොදන්න නිසා අහන්නේ. අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මහනුවර සම්චාරක කලාප නෙවෙයිද? ඒ කිව් තැන් ලන්කාවේ නොවෙයිද? මොකද මේ මිනිස්සු කියන බොහෝ දේවල් පැහැදිලි නෑ.
සංචාරක මණ්ඩලේ අද ඊයේ මේවා සංචාරක කලාප ලෙස හඳුනා ගත්තාට, අනුරාධපුරේ, පොලොන්නරුව බලන්න සංචාරකයෝ එන බව රටේ පාසල් දරුවෝත් දන්නවා..
අපේ අය කීදෙනෙක් වෙනත් රටවල්වල සංචාරය කරලා තියෙනවාද?
තියන සන්චාරක කලාප තුළවත් යටිතල පහසුකම් හරියට නෑ. තිබ්බත් නඩත්තුව ඉතාම දුර්වලයි. සීගිරියේ දේශීය සන්චාරකයින්ට සලකලා තියෙන්නේ යාචකයින්ට වගේ. වැසිකිලි ඉතාම අපිරිසිදුයි. වාහන පාක් එකේ වැසිකිලි අපායක්. දඹුල්ලේ වැඩක්ම නෑ. මහනුවරත් ඒ වාගේ...!
මුළු රට පුරාම දේශීය, විදේශීය සංචාරකයින් ඉන්නවා. දැන් ඒ නිසා මුළු ලංකාවම සංචාරක රටක් බව සලකන්න.
සංචාරක කලාප විදිහට අඳුනා ගත්තාට මදි. එවාගේ යටිතල පහසුකම් ටික හරියට හදන්න ඕනේ. 1. පාරවල් , රථ ගාල්, ඉහළ මට්ටමේ වැසිකිලි පහසුකම් සහ තරු මට්ටමේ ආපන ශාලා මේ පැතිවල හැදෙන්න ඕනේ 2. පුහුණු සංචාරක මග පෙන්වන්නෝ, ඉහළ මට්ටමේ සංචාරක ප්‍රවාහන පහසුකම් සහ පුහුණු සංචාරක රියැදුරෝ ඕනේ. 3. ඒ පළාත් වල නවතින්න තරු හෝටල් හැදෙන්න අවශ්‍ය පහසුකම් රජයෙන් දෙන්න ඕනේ (අඩු පොළී ව්‍යාපාර ණය) සරලවම කිව්වොත් එන සංචාරකයින්ට වියදම් කරලා සැපේ දවස් 4,5ක් මේ එක සංචාරක කලාපයේ ඉඳලා ඩොලර් 1000, 2000ක් වියදම් කරන්න දේවල් තියෙන්න ඕනේ...
සවිස්තරාත්මක වාර්තාවක් ලීවා නම් හොඳයි. සංචාරක කලාපය හදන කන්නේ කෙසේද, එකි කලාප වල විශේෂත්වය, සංචාරකයින්ට බලන්න තියන දේ, සහ සංවර්ධනය කරන්නේ මොන නිර්නායකයන් යටතේද වනි කරුණු, නැතහොත් කැලෑ පාලුවන්ට හෝටල් හදන ඉඩම් බෙදනවද කියලා."
සංචාරක මණ්ඩලෙන් හඳුනා ගත්තා කියන්නේ එම පළාත්වල ටුවරිසම් කරලා ජීවත්වෙන පොඩි මනුස්සයාගේ හිසමත තවත් බරක් පැටවෙන එක මිසක් වෙන මොනවාද? ඔය මණ්ඩලේ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට කරපු මගුලක් නැහැ... ඕකෙන් කලේ කුඩාපරිමාණ ව්‍යාපාරිකයා සහ සංචාරකයා ගසා කන්න කුමක් හෝ උපක්‍රමයක් දමපු එක... ඔය සංචාරක මණ්ඩලේ හරියට ලංකාවේ සංචාරක ව්‍යාපාරේ යන සත්වයා මත වහල ඉන්න මැක්කෙක් වගේ...