IMG-LOGO

නව දේශපාලන පක්ෂයක් ළඟදීම කරලියට

(අජන්ත කුමාර අගලකඩ)

දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයක් ලබන මාසයේ දී පමණ එළි දැක්වීමට  නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි

ජාතික නිදහස් පෙරමුණ, ලංකාවේ පමණක් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, අන්තවාදී වාමාංශික පෙරමුණ, ඇතුළු හවුල් පක්ෂ නවයේ මූලිකත්වයෙන් මෙම සන්ධානය එළි දැක්වෙන අතර නව සන්ධානයේ ව්‍යවස්ථාව ද මේ වන විට සකස් කර අවසන් බව විශේස ප්‍රකාශකයෙක් සඳහන් කළේය

එම නව සන්ධානය සඳහා නම් නම්‍ය කීපයක්ම යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම සඳහන් කළේය

සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති නමුත් නිලධාරි මණ්ඩලය පත් කිරීම සදහා සඳහා අවශ්‍ය කටයුතු සූදානම් සුදානම් කර ඇතැයි ඔහු කීවේය

 



අදහස් (7)

නව දේශපාලන පක්ෂයක් ළඟදීම කරලියට

චතුරංග Saturday, 25 June 2022 07:13 PM

අන්තවාදී වාමාංශික පෙරමුණ ඇත්තද?

:       1       22

UniDonSunday, 26 June 2022 09:37 AM

ලංකාවේ පමණක් පක්ෂය Wow!

:       0       0

සෙනවිSunday, 26 June 2022 12:21 PM

වාමවාදී වුවත් ආත්මාර්ථකාමී දේශපාලන පක්ෂයක්. ජනතාව එදා තරම් මෝඩ නැහැ...!

:       0       0

Bamunuarachchi Sunday, 26 June 2022 07:40 AM

එන්න එන්න පක්ෂ හදන්න.. හැබැයි ඡන්දෙ දෙන්න ඉන්න පිරිස සීමා සහිතයි. ඒ ඡන්ද ටික සිංහලයින් අතරම බෙදුණාම බලයට එන්නේ හම්බයින්, දෙමල්ලුන් සහ ජෙප්පන්...

:       3       1

mahee Sunday, 26 June 2022 08:41 AM

බෝඩ් ලෑලි පක්ෂ සංධානේ..!

:       0       0

Bhanuka Sunday, 26 June 2022 10:53 AM

වීරවංශ මීට කලින් ඡන්දෙදී ගෝඨාභය සහ මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න රටේ ජනතාව රවටන්න කියපු බොරු ගොඩ කාටත් මතකයි. දැන් වීරවංස කතා කරන්නේ ඒවා මොනවත් මතක නැහැ වගේ. අඩු ගානේ ඒ කියපු බොරුවලට මුලින්ම වීරවංස ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ. පොහොට්ටුව කියලා හැදුවේත් කලින් හිටපු හොරු ඔක්කොම එකතු කරලා මිනිස්සු රවටන්න අලුත් පක්ෂයක් හදපු එකනේ... මේ පාරත් කරන්නේ ඒකම තමයි. දැන් මිනිස්සු නැවත පොහොට්ටුවට රැවටෙන්නේ නැති නිසා පොහොට්ටුවේ ඉන්න හොරු ඔක්කොම එකතු කරලා නැවත අලුත් පක්ෂයක් හදාවි. මෝඩ මිනිස්සු ගිහිල්ල ඒකටත් ඡන්දය දේවි .

:       0       1

Cgandima Sunday, 26 June 2022 01:41 PM

වෙන වෙනම ඡන්දෙට ගියොත් මළාට පින් ආසනයක්වත් ලැබෙන්නේ නැතැයි කියලා තේරෙන්න ඇති...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site