
ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.
එම නියෝජිත කණ්ඩායම නව කාර්ය මණ්ඩල ගිවිසුම සම්බන්ධ ඇස්තමේන්තුවක් මෙන්ම පවතින ආධාර වැඩසටහන පිළිබඳ සමාලෝචනයක්ද සිදු කරනු ඇත.
එම නියෝජිත කණ්ඩායම නව ජනාධිපතිවරයා මුණගැසී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින ආධාර වැඩසටහනට යෝජනා කිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් පිළිබඳවද සාකච්ඡා කරනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධානය යොමුකරන ප්‍රධාන කරුණු අතර මෙරට දේශපාලන ස්ථාවරත්වයට විශේෂ තැනක් හිමිවන බවත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කිරීමට නොහැකි වීම එයට හේතුව බවත් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය අවසන්වී මහ මැතිවරණය පවත්වන තෙක් කාලසීමාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යම් කනස්සල්ලක් තිබෙන බවද එම උසස් නිලධාරියා පැවැසුවේය.
ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවිය හැකි දේශපාලන වර්ධනයන් පිළිබඳව ඇස්තමේන්තුවක්ද මහා භාණ්ඩාගාර නිලධාරීන් මේ වනවිට කර ඇති බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.
COMMENTS
ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් නව ජනාධිපති හමුවනු ඇත. මේවනවිටත් ප්‍රධාන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කල පොරොන්දු පත්‍රිකාවන් රටේ පුරවැසියන් අධ්‍යනය නොකලද IMF හොදින් අධ්‍යයනය කර ඇත. එමනිසා IMF සමග ගනුදෙනුව පහසුවෙන් කලහැකිවන්නේ වරතමන ජනාධිපතිවරයාට වේ. ඔවුන් සමග ගනුදෙනු කර සහ මෙතෙක් සිදුවූ ආර්ථික සහ පර්තිපතිමය වෙනස්කම් පිලිබදව ඔහුට මන අවබෝදයක් ඇත. යම් හෙයකින් සජිත් හෝ අනුර ජනාධිපති බවට පත් උවහොත් සිදුවන්නේ කුමක්ද යන්න අනුර සජිත් සහ රය්ටේ පුරවැසියන් නොදන්නවා උවත් IMF එපිලිබදව අවබෝදයකින් සිටි. එමනිසා සජිත් හෝ අනුර රටේ පුරවැසියන් වෙත ලබාදී තිබෙන්වූ පොරොන්දු ඉටු කිරීමට නම් IMF සහාය අවශ්‍ය වේ. සජිත් හෝ අනුර මේ දෙදෙනාම ගනු දෙනු කරමින් සිටින්නේ එක් පාර්ශවයක් සමගිනි, එනම් මහජනත්ව සමගිනි. මුදල් නොමැතිව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මුදල් අවශ්‍ය වේ. එහිදී තෙවන පර්ශය්වය මැදිහත් වේ, එය කිසි සේත්ම වැලැක්විය නොහැක. IMF සමග සිදුවන ගනුදෙනුවේ සාර්ථකත්වය මත දෙස්පර්ශවය ( පුරවැසියන් සහ දේශපාලකයන් ) සමග ඇතිවූ සම්බන්දය රදා පවතිනු ඇත
යම් හෙයකින් සජිත් හෝ අනුර ජනාධිපති බවට පත් උවහොත් වර්තමාන මුදල් අමාත්‍යංශයේ සහ භාණ්ඩාගාරය ඉහල නිලධාරීන් සහ ඔවුන්ගේ මෙතෙක් තීරණ පිලිබදව අනුර සහ සජිත් එකගවේද? නැත හොත් ඔවුන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවේද යන්න මොවුන් දෙදෙනාම රටට පැහැදිලි කලයුතුවේ
මාලිමාවේ ප්‍රචන්ඩත්වය හමුවේ අයි.එම්.එෆ්. යයි වගේ.
අන්න එහෙම ඉක්මනට ඇවිත් හම්බ වෙලා එකගත්වයකට එන්න..