
(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ජනතාව අපේක්ෂා කරන ආකාරයේ විනිවිදභාවයෙන් හා ප්‍රතිපත්ති ගරුකව විශිෂ්ට ජනතා සේවාවක් ලබා දීමට සමගි ජනබලවේගය කැපවන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
පලාත් පාලන මැතිවරණයෙන් පසු කොළඹදීඅද (7) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද පැවසීය.
“අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට අපේ ආචාරය පුද කර සිටිනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රට වැසියන්ට අපේ ගෞරවය පුදකර සිටිනවා.
මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරමක්ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව තිබෙනවා. විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට රටේ ජනතාව අපිට පණිවිඩයක් ලබා දී තිබෙනවා’
ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක කරන ආකාරයටයි. මොවුන් ආගම දහම පවා ඒ වෙනුවෙන් භාවිත කළා.
රටේ ජනතාව මේ වන විට බොරුවට තිත තබා සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි යන ජන මතය ලබාදී තිබෙනවා.
මේ අභියෝගාත්මක වගකීම වෙනුවෙන් නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කර ගෙන ජනතාව අපේක්ෂා කර විනිවිදභාවයෙන් හා ප්‍රතිපත්ති ගරුකව විශිෂ්ට ජනතා සේවාවක් වෙනුවෙන් සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙනවා. එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරනවා“ යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් නිදාගෙන ඉන්න මලිමාවේ උන්දැලාට තියෙන්නේ මහබැංකු හොරු, හොර සල්ලි හොරු, සීනි බදු, පොහොර, සුනාමි අරමුදල්, ජනාධිපති අරමුදල් ..හොරු, සහ එකී මෙකී හොරු ටිකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ඕක විපක්ෂයක් කියලා දෙයක් ඉතුරුවෙන්නේ නැහැ...
සිහින ජනපති...!
පුරමු සෑර් අපිත් එනවා. දිගටම පුර පුර ඉමු.
අදක්‍ෂ කම, මෝඩ කම, උඩගු කම විතරයි. ගෙදර යන්න... වෙන කෙනෙක් හිටියා නම් එකමුතු කමින් පහු ගිය චන් ද 3 ම දිනලා... යන්නේ නැත්නම් එලවලා දාලා එකමුතු වෙමු.
ඔය ගමන ආරම්භ කරලා දැන් කාලයක් වෙනවනේ? කියපු කරපු දේවල් ගැනත් අපි හොන්දාකාරවම දන්නවා .පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව තවත් මොන බයිලද?
"ලාහෙට ගෙම්බෝ එකතුකරන එක" එක දිගට ඡන්ද පරදින එක වගේ ලේසි වැඩක් වෙන්නේ නෑනේ පුතාණෝ...
අපිට හොඳට මතකයි ඔබතුමාලා එකතු වෙලා රටට කරපු හරිය ඔබතුමාට පර්ලිමේන්තු මැතිවරණයේදී ලිස්ටෙකෙන් තේරුණු මන්ත්‍රීවරු තුන්දෙනා දාන්න මාස එකහාමාරක් විතර ගියා. එමනිසා ඔබතුමාලාගේ එකතුවීම් ඔබතුමාලට හොඳයි. නමුත් ජනතාවට කිසිම සෙතක් නැත. ඔයත් ජනතාව අමාරුවේ දාන්න කරන වැඩක්...
ඔහේ මොනවා කීවත් අපි දන්නා විදියට අපට පේන විදියට සජබෙන් දිනපු අය තනියම වියදම් කරගෙන ඕකට එන්නේ කොන්ත්‍රාත් වලින් හම්බ කරන අදහසින්ම තමයි. ඔයා කියන බණවලින් උන්දැලා දමනය කරන්න බැහැ. මොකද ඒක තමයි ඒ අයගේ මූලික අපේක්ෂාව, ඒක නිසා මාලිමාවට වඩා හොඳ විනයක් ඇතිව එන්න...
පුතානෝ කියන්නේ උපන්ගෙයි මෝඩයෙක් ! එයත් එක්ක ඉන්න මද්දුම බණ්ඩාර කියන්නේ අද දේශපාලනයේ ඉන්න කුහකම මිනිහා ! (ජෙප්පන්ටත් වැඩිය !) තව එකෙක් ඉඳලා ලඟදි සජබේ සභාපතිකමෙන් අයින් වුනා ! මුන් දෙන්නා ඉන්නකන්, ජෙප්පන්ට රජ මගුල් ! ජෙප්පෝ කොච්චර ගොබ්බ මොංගල් වුනත්, මුන් දෙන්නා දේශපාලනයේ ඉන්නකන් විපක්ෂය එකතු කරනවා කියන්නේ, ලාහෙට ගෙම්බෝ අල්ලනවට වඩා අමාරු දෙයක් !
"පුබ්බඩයා" කියන වචනයේ නිර්වචනය කවුරුහරි ඇහුවොත් පෙන්නන්න තියෙන හොඳම උදාහරණයක්.
විලි ලැජ්ජාවක් තියෙනවා නම් හොරු එක්ක එකතු වෙන්නේ නැතුව ඉන්න.
පක්ෂය ඇතුලේ සමඟියක් නැතිව පක්ෂ කිහිපයක් එක්ක සමගියෙන් වැඩ කලොත් ලෝක පුදුමයක් වෙයි
හිතුව තරම් කියපු තරම්. ප්‍රතිපල නැහැ නේද. මන්ගල ගමන යන්න ජයරත්න මල්ශාලවත් සමග අත් වැල් බැද ගන්න හත්වලාමේ වෙච්චදේට. මක් කොරන්නද
නැගිටින්න නැගිටින්න . ඔය නිදාගත්තා මදැය්. ලොකු හීනයක් දැකල .
දැන්වත් කොහෙහරි ගිහින් හරියමන් අධ්‍යාපනයක් ලබල මහත්මා ගතිගුණ ඔලුවට දාගෙන එන්න . නිකම් අන්දරේ රජවෙන්න බලනවා වාගෙයි . විහිළු කරන්න එපා ජනතාව එක්ක . පව්
නව ගමනකට ජනාධිපතිවරණ 2 - මහමැතිවරණ 1 - ප්‍රාදේශීය සභා 1 පරාදයි නායක කම, සංවිධාන ශක්තිය හොදම කරලා තියෙනවා, ජනතාවට වඩා රැස්වීම අවසන් වෙන්න කලින් වොයිස් කට් එකක් දෙන්න අපතයෙකු ගාවට දුවලා ගියා. ඔන්න නව ගමනකට නායකත්වය දෙන අය.
නවම් මාවතෙන්ද? නවගමුවෙන්ද? නවනගරෙන්ද? නව තෙල්දෙනියෙන්ද, නවගත්තෙගමින්ද? නාවක්කුලම් වලින්ද? අනේ...පුංචි පුතාණෝ...කතන්දරේ...කියන්නකෝ...