IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


නුවර වැව රක්ෂිතයේ හෝටල් - පිහිනුම් තටාක හදලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල  මහික වීරරත්න)
 
දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්  712ක්  අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ  ඉඩම් අත්පත් කරගෙන  ගෙවල්,හෝටල් සහ   පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20)  පැවසීය.
 
වැව් රක්ෂිත අල්ලා ගැනීම අද සෙල්ලමක් බවට පත්ව ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මේ ගැන පරීක්ෂණ අාරම්භ   කළ යුතු බවද   සඳහන් කළේය.
 
ඔහු මෙසේ පැවසුවේ  අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (11)

නුවර වැව රක්ෂිතයේ හෝටල් - පිහිනුම් තටාක හදලා

ගුණරත්න Tuesday, 20 May 2025 10:32 PM

ඕක මොකක්ද එකෙක් බර වාහන නුවර වැවේ කණ්ඩියේ යවන්න හැදුවේ, ඒ අති පණ්ඩිත ඇමති අකුලාගෙන ගියේ මිනිස්සු විරුද්ධ වුණ නිසා, එහෙම නොවුනා නම් බලන්න තිබ්බා වැවු කණ්ඩිය කඩන ගිහින් දාස් ගාණක් මැරිලා යන හැටි.

:       19       135

Suneth Wednesday, 21 May 2025 03:00 AM

ඕක මොකක්ද, හොරාකකා හිටපු රජ පිස්සො ටික මිනිස්සු ගහල පැන්නුවේ නැත්තම් ලක්ෂ ගාණක් මෙලහට පෝලිම්වල මැරිලා.

:       5       18

Sam Tuesday, 20 May 2025 11:49 PM

එහෙම හිතුවොත් මේ රට දියුණු කරන්න විදිහක් නෑ. අපිට සංචාරකයෝ මිලියන 2.5ක් විතරයි ඉන්නේ. බණ්ඩාර නායක ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයක් හදන්න. පෝට් සිටි පාරේ (සංගීතය සහ බියර් පිරිනමන බාර් සහිත) සජීවී මාර්ගයකට සහාය වන්න. විදේශිකයන්ට ආරක්ෂිතව විනෝද වීමට ඉඩ දෙන්න. විදේශිකයන්ට මාර්ග සහ දුම්රිය ප්‍රවාහන පහසුකම් සපයන්න. (ඒවා මාස 3කට කලින් වුණත් වැඩි මිලකට වෙන්කරවා ගත යුතුයි, මාසයක් පමණක් විවෘත නොකරන්න) තේමා උද්‍යානය සංවර්ධනය වන ආකාරයට අපේ විදේශිකයන්ට විනෝදාස්වාදය ලබා දෙන්න. (ඔවුන්ගේ දරුවන් සඳහා) රජයක් ලෙස ඔබට ඔබේ ඇමරිකානු ඩොලර් ආදායම 10 ගුණයකින් වැඩි කර ගත හැකිය. රජයක් ලෙස ඔබට මෙය OUSE හිදී කිරීමට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුය. සුභ පැතුම්.

:       10       4

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 11:15 AM

සංචාරකයන්ට නවතින්න තියෙන්නේ වැව් රක්ෂිතයේ විතරයි කියලා සෑම් හිතුණාට මේ රටේ තව ඕනෑතරම් ඉඩම් තියෙනවා. නමුත් ඉතා පහසුවෙන් හා ලාබෙට කිසිම කරදරයක් නැතුව අල්ලා ගන්න පුළුවන් නිසාත් තමන්ගේ බල ප්‍රදේශයේ තිබෙන නිසාත් වැව් රක්ෂිත විනාශ කෙරුවා මේ තක්කඩි දේශපාලුවෝ !

:       0       13

Nimal 1 Wednesday, 21 May 2025 05:24 AM

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වසර එකසිය විසිපහකට වැඩි කාලයක් මෙම රක්ෂිත ඉතා විශ්වාසවන්තව ආරක්ෂා කළේය. දැන් මේ දුෂ්ටයන් මෙම රක්ෂිත විනාශ කර ඇත. ඒවා නිශ්චිත හා වැදගත් අරමුණු සඳහා රක්ෂිත ලෙස නම් කර නඩත්තු කරන ලදී. ඉතා වැදගත් ප්‍රශ්න මතු වේ: මේ සියලු බිහිසුණු ක්‍රියාකාරකම් සිදුවන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළේ කුමක්ද? ඔවුන් මෙම දේශපාලන පාදඩයන්ගේ අතේ සිටි හෙංචයියන් පමණක්ද? කළ යුතු වැදගත්ම දෙය නම් මේ සියලු අයථා ලාභ නැවත ලබා ගැනීමයි.

:       0       47

udayashantha Wednesday, 21 May 2025 09:41 AM

රක්ෂිතය රජයට අයත් නම්, දේපල රජයට පවරාගෙන, රජයේ කලමනාකරණය යටතේ පවත්වාගෙන යන්න. දේපල විනාෂ කිරීම අපරාධයක්.

:       2       35

Lalla Wednesday, 21 May 2025 09:42 AM

ඔය ඔක්කොම පන්නල දාන්න වාරිමාර්ග නීතිය අනුව පුලුවන් නොවේද? ඉතින් ඇයි කතාවට කල් අරගෙන බලාගෙන ඉන්නේ.... ඒක තමා ඡන්ද පදනම අඩුවෙන හේතුව....කතාව පමණයි.. වැඩ නෑ.

:       5       36

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 09:57 AM

වැව් රක්ෂිත වැනසුවාට ගුණේ අයියට ප්‍රශ්නයක් නැහැ කියලා කොහොමත් අපි දන්නවා. මොකද ඒවා කෙරුවේ මේ රට විනාශ කළ හා හොරා කෑව ගුණේ අයියලාගේ නායකයෝ නිසා.... නුවර වැව් කණ්ඩිය මතින් වාහන ධාවනය කරන්න හැදුවේ ඒක අවශ්‍ය තරමට ශක්තිමත් කරලා ප්‍රතිසංස්කරණ කරලා මිසක තියෙන වැව් කණ්ඩිය මතින් නොවෙයි කියලා ගුණේ අයියාගේ කුඩා මොළයට වැටහෙන්නේ නැතුව ඇති. තුට්ටු දෙකේ දේශපාලන හිපාටුවන්ගේ විරෝධතා වලට බයෙන් රටේ බහුතරයට හිතකාමී සංවර්ධන ක්‍රියා මාර්ග නවත්වන්න පුළුවන් කියලා ගුණේ අයියට හිතෙන්නේ මස්කට් කෑල්ලක් කෑවට පස්සේ වෙන්න ඇති.

:       40       13

NPP Wednesday, 21 May 2025 12:44 PM

තුනේන් දෙකටත් වැඩී බලයක් මහ ජනතාව මාලිමාවට ලබාදුන්නේ මේවා නිවැරදි කරන්න. එහෙම නැතුව කජු සීයාගේ සමනල ටීම් එකට ඕනෑ විදියට ඕක මොකක්ද කියලා කියන්න නොවෙයි. වැරැද්දට විරුද්ධව කතා කරන්න කොන්ද පණ නැති දේශපාලන පින් ගුත්තර කල්ලිය මොනවා කිව්වත්, රට නිවැරැදිව ගමන් කරන බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව පැහැදිලිව ප්‍රකාශ වුණා...

:       2       8

පිටරැටියා Wednesday, 21 May 2025 02:53 PM

ප්‍රසිද්ධ දේශපාලුවෙක්ගේ සහෝදරයෙක් ඔහුට දකුණු පළාතේ හෝටල් දෙකක් තියෙන බව කිව්වා.. දේශපාලුවන් විතරක් නොවෙයි පවුල් වල ඉන්න අයත්, කොහොම හොරාකන්න ඇත්ද?

:       0       1

සමනේරිස් Wednesday, 21 May 2025 02:55 PM

මොන මෝඩ වැඩක්ද ඒ? අපූරුවට වැවෙන් නාන්න පුළුවන් එකේ ඕක ඉස්මත්තේ තටාක හදපු කෙනා කවුද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21357 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18100 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10835 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 528 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 163 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site