
(අංජුල මහික වීරරත්න)
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.
දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළි කසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත් එම වැඩසටහන ඉල්ලා සිටියි.
රටේ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර කැළි කසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණක් බව ජනාධිපති කාර්යාලය කියයි.
සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර එනකොට නෙමේ, කොහෙ යනකොටත් ප්ලාස්ටික්/පොලිතීන් ගෙනියන්න එපා. ගෙනියනවනම් පාවිච්චියෙන් පසු ආපහු ගෙදර ගේන්න. ප්‍රතිචක්‍රීකරණය කරන රටක් බිහිවුණ පසු යන තැනක කුණුබක්කියකට දාන්න. විශ්ව විද්‍යාලයේ අත්දැකීමෙන් කියන්නෙ, අපි කසළ වෙන් කලාට, නගරසභාවෙන් ඇවිත් ඔක්කොම එකට ගෙනියන්නෙ. ක්ලීන් ශ්‍රීලංකා වැඩ පිළිවෙල තවම ඒකට පිළියමක් කරල කියල පේන්න නෑ....