(කේ බුද්ධික කුමාරසිරි)
නවගමුව පත්තිනි දේවාල භූමියේ පවත්වාගෙන යන සියලුම දේවාල අද (15) දින සිට 17 වන දින දක්වා වසා දැමීමට කටයුතු කල බව දේවාලයේ භාරකාරත්වය දරණ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමියන් පැවසූහ
නවගමුව පත්තිනි දේවාලය අසලම නිවසක අවමංගල්‍යක් සිදුවීම නිසාවෙන් මෙලෙස සියලු දේවාල වසා දැමීමට තීරණය කල බවද උන් වහන්සේ පැවසූහ
ඒ අනුව ඊයේ (14) රාත්‍රි පූජාවෙන් පසු දේවාල සියල්ල වසා දමා ලබන 18 වන දින අළුයම සිට දේවාලයේ පූජාවන් කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට නියමිත වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙයියොන්ටත් මළගෙදර වැඩ තියනවද ?තේ බිස්කට් අල්ලන්න වගේ ?
මොන විගඩම් බයිලාද මේ
ඕක වහලා දැම්මා නම් මිනිස්සු කී දාහක් මිථ්‍යාවෙන් ගැලවෙයිද? සිදුහත් කුමාරයා සතර පෙර නිමිති දැකලා යථාර්ථය තේරුම් ගත්තා. දේවාලයේ දෙයියෝ මළගෙදර දකින එක නවත්තන්න දේවාලය වහනවා...