
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය.
ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ආණ්ඩුකරණය යනාදී විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරයන්ට අවශ්‍ය දැනුම මෙම මධ්‍යස්ථානය ඔස්සේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් මෙම මධ්‍යස්ථානය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක පර්යේෂණ සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටද යෝජනා කර ඇති බවත් කථානායකවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
කථානායකවරයා මේ අදහස් පළකලේ යුරෝපා සංගමය මගින් ක්‍රියාත්මක කරන Inter Pares ගෝලීය ව්‍යාපෘතියේ ප්‍රධානී, ආචාර්ය ජොනතන් මර්ෆි (Dr.Jonathan Murphy) සහ Inter Pares වැඩසටහන් කළමනාකරු, ඉන්ග්‍රිඩ් වෝකර් මහත්මිය (Ms. Ingrid Walker) ඇතුළු දුත පිරිස පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදීය.
මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිල නිවසට කරන්න යන දේ කතානායක හෙළිකරයි
Kumara Wednesday, 09 July 2025 12:44 PM
කතානායක නිල නිවස වර්තමාන කතානායකට ඕන ඕන විදියට භාවිතා කරන්න බෑ. ඊළඟට පත්වෙන කතානායක ඕක කනපිට හරවන්න යන වියදම දරන්න වෙන්නෙත් රටේ ජනතාවටමයි.
prasanna Wednesday, 09 July 2025 03:24 PM
මොන සෙල්ලම් දැම්මත්, මොන මැජික් පෙන්නුවත්, ජනතාව ඔබලාව අනිවාර්යයෙන්ම ගෙදර යවනවාමයි.