IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නෝර්වුඩ් සභාපති පොලිස් ආරක්ෂාව මැද වැඩ අරඹයි

(රංජිත් රාජපක්ෂ)

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගත් ජාතික ජන බලවේගයෙන් පසුව ස්වධීන වූ නව සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අද දින එම සභාවට පැමිණ සර්ව ආගමින වතාවත් පවත්වා එම ධුරයේ වැඩ කටයුතු නිළ වශයෙන් ආරම්භ කළේය.

එම සභාවට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ තේරි පත් ව පසුව ස්වාධීන වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා ඇතුලු සෙසු සභිකයන් 06 දෙනා, දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් පත් වූ සභිකයන් 05 දෙනා සහ ආධාරකරුවන් සමග සභාව වෙත පැමිණ නිළ වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභවේ කාර්යමණ්ඩලය සමග ඉදිරි වැඩ පිලිවෙළ පිලිබදව දැනුවත් කළේය.

නිළ වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ “නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති ප්‍රාදේශීය සභාවක් බවයි.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත් කරන බවයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිළ වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වතුකරය නියොජනය කරන වෘත්තීය සමිතියක පිරිසක් විරෝධතාවයක් දැක්වීමට සුදානමක් ඇති බවට ලද තොරතුරක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

 



අදහස් (0)

නෝර්වුඩ් සභාපති පොලිස් ආරක්ෂාව මැද වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 368 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site