
(සජීවා කෝට්ටගොඩ)
කතරගම ගොස් ආපසු මෝටර් රථයක හා පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටීමෙන් මෝටර් ගමන් ගත් රියදුරා හා සිඟිති දියණියන් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් තිදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
නාරම්මල කිවුල්ගල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ පොල් පිතිගම ,මඩගල්ල,කුබුකුලාව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කෝප්‍රල් කේ.එච්.ඒ.සී . සමන් කුමාර (38) ඔහුගේ දියණිය කේ.එච්.ඒ. මෙනුලි ලවන්න්‍යා (මාස 11 ) හා පහලගම පාර, දුනුපොතගම, දිවුල්ලෑව, මහව ලිපිනයෙහි පදිංචිව සිටි බිරිඳගේ සොහොයුරාගේ දියණිය වන තිලුනි සෙනුල්ල්‍යා (මාස 10 ) යන අයයි.
මියගිය හමුදා සෙබලා යුද හමුදා සංඥා බලකායට අනුයුක්තව පනාගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ,(බටහිර ) සේවයෙහි යෙදී සිට පසුගිය 2025.07.14 දින නිවාඩු ලබා ගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වේ.



2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාරම්මල අනතුරකින් සිඟිත්තියෝ දෙකක් ඇතුළු තුනක් මරුට
ගුණරත්න Sunday, 20 July 2025 11:05 AM
මේ වගේ පුංචි දරුවෝ වාහනේක අරන් යනකොට උකුල උඩ තියන් යන්න එපා. එකට විශේෂයෙන්ම හදපු ආසන තියෙනවා, එම ආසනයක රඳවලා තිව්වම දරුවන්ට ඉතා ඉහළ ආරක්ෂාවක් ලැබෙනවා.
de silva berlin Sunday, 20 July 2025 11:14 AM
රටේ වාහන ආනයනය සීමා කිරීම සහ අධික තීරුබදු නිසා රටේ දැනට තිබෙන වාහන බොහෝමයක් තිබෙන්නේ පරණ අබලන් තත්වයේ, අමතර කොටස් වලට ගහන අධික තීරු බද්ද නිසා සහ පුහුණු කාර්මිකයෝ හිඟකම නිසා පාරේ දුවන වාහන 60% වැඩි ප්‍රමාණයක් නිසි ධාවන තත්වයේ නැහැ... එකත් මේ අනතුරුවලට හේතුවක්, අර පහුගිය කාලේ මාරක අනතුරු සිදුවුණා... KDU එකේ බස් එක සහ ලංගම බස්වල කාර්මික තත්වය ධාවනයට නුසුදුසු බව අනතුරෙන් පසු හෙළි වුණු, රජය මේ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි... අලුත් වාහන නැති වුණත් තිබෙන එකක් නිසිලෙස අලුත්වැඩියා කරගෙන දුවන්න සාධාරණ මිලකට අමතර කොටස් රටේ තිබෙන්න ඕනේ...!