
(හේමලතා ඩී හේවගේ)
නාරම්මල හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාට ප්‍රදේශයේ දී අද 12 උදෑසන 05.45 ට පමණ ලොරි රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්වල පොලිසිය කියයි.
මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ නෙඩුකේනි,18 වන කණුව පදිංචි 29 හැවිරිදි මාණක්කම් කලෙයි සෙල්වන් හා වව්නියාව, කදෛර්ය කුලම් පදිංචි 43 හැවිරිදි රාම ක්‍රිෂ්නන් ඩේවිට පෙනිකින් යන අයවලුන් බවද පොලිසිය පවසයි.
මෙම ලොරි රථය මා වී ඇල දෙස සිට නාරම්මල දෙසට ධාවනය කරමින් සිටිය දී මාර්ගයේ දකුණු පසින් මාර්ගයෙන් ඉවතට පැන දකුණු පස අයිනේ තිබු දුරකථන රැහැන් කණුවක ගැටි ඉදිරියට ගොස් දකුණු පස පිහිටි බෝක්කු ගැට්ටේ ගැටී ලොරි රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නාරම්මල අනතුරකින් දෙදෙනෙක් මරුට
Ekanayake Sunday, 12 October 2025 11:20 PM
මේක සිදුවෙලා තියෙන්නේ 'අලහිටියාට' නොවේ 'හලහිටියාව' ප්‍රදේශයේ.