
(රෝෂන් තුෂාර)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේ දී අයුතු ජනරාශියක සාමාජිකයින් වී, නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි කියන ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනෙකු අදාල චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (06) නියෝග කළේය.
වැලිකඩ පොලිසිය මගින් පැමිණිල්ලේ වගේ උත්තරකරුවන් ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, රැකියා විරහිත උපාධිධාරී සංගමයේ තැන්නේ ඤාණානන්ද හිමි , අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 34 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කොට තිබිණි.
2021 ජුනි මස අටවෙනි දින පොල්දුව මංසන්ධියේදී නිරෝධායන නීති උල්ලංඝනය කිරමින් උද්ඝෝෂණය නිරත වීමට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි .
මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ පළමු සාක්ෂි කරුගේ සාක්ෂි විභාග කිරීමට නියමිතව තිබිණි .
පැමිණිල්ල ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු චෝදනාවලට අත්අඩංගුවට ගත්තට පොලිසියට විරුද්ධව කටයුතු කරන්නැත්නම් මේ වගේ මිනිස්සුන්ගේ, අධිකරණයේ, රජයේ කාලය, ශ්‍රමය, ධනය නාස්තිවෙන වැඩ තව තවත් අහන්න ලැබෙයි. බොහෝදෙනෙක් කියන්නෙ සාමකාමීව කල විරෝධතාවකට පොලීසිය කඩාවැදිල කරපු අනවශ්‍ය වැඩක් කියල. එහෙනම් මේක මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිකිරීමක්. නීතිය සැමට සමව තවම හීනයක්.
කොහොමද ස්ටාලින් වගේ අතකොලු නිදහස් වන කාලයයි මේ