
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති මත් සාදයෙන් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
සාදය සංවිධානය කළ බව කියන බන්ධනාගාර නියාමකවරයාද බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයාද ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුබේයිර් නොහොත් සුමේද (46) නමැති පුද්ගලයෙකි.මත්පැන් සාදය පැවැත් වූ ස්ථානයේ තිබී අඩක් අවසන් කළ ඉස්තරම් වර්ගයේ විස්කි බෝතල් දෙකක් හා බයිට් වර්ගද පොලිස් භාරයට ගෙන ඇත.
මියගිය පුද්ගලයා ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමෙකු බවත් ඔහු මීට පස් වසරකටඉහතදී හොරයින් මත්කුඩු කිලෝ 54 ක් හා ටී 56 ගිනි අවි 3 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට මෑතකදී අධිකරණය මගින් ඇප මත මුදා හැරිය පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එළියේ ඉන්නේ ඔය නියාමකයත්... කුඩු වෙළෙන්දෙක් වෙන්න ඇති... ඒකයි හිරෙන් නිදහසු වුණු කුඩ්ඩෙක් එක්ක සාද දාලා තියෙන්නේ... වහාම නියාමකගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන්න...
බන්ධනාගාර ඇතුළේ අඩු නැතිවම ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය තියෙන්නේ කොහොමද කියලා මෙවැනි සිදුවීම් වලින් මිනිස්සුන්ට අවබෝධ වෙනවා...
වැටත් නියරත්....
ඉස්තරම් කිව්වේ ඩබල් බ්ලැක් ද ජොන්ස්ටා ස්පෙෂල්ද?
හරක් කටා ගාව දුරකථනයක් තිබ්බා කියලා පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ කරනවා කියලා තව පුවතක් තිබ්බා. මේ පුවතෙන් පේනවා වැඩිය මහන්සි නොවී මොන පැත්තෙන්ද පරීක්ෂණ කරන්න ඕනෑ කියලා.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සමග බන්ධනාගාරය අතර සමීප සම්බන්ධතා ඇති බවට මෙයත් නිදසුනක්...
රටේ සුද්ද කරන්න තැන් ගොඩක් තියනවා නේද?