
(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි ආණ්ඩුව ඇතුළත බරපතළ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
යම්කිසි විෂයක වගකීම දරන්නේ ඇමතිවරයා මිස නියෝජ්‍ය ඇමතිවරයා නොවන හෙයින් මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලාගෙන යන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිටින්නේ ඇමතිවරයාට සහාය දැක්වීමට බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වාම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්වී නැති බව පවසන එම ප්‍රකාශකයා අසල්වාසී ඉන්දියාව ඇතුළු රටවලද නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එවැනි යෝජනාවක් ඉදිරිපත්ව නැති බව ප්‍රකාශ කළේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට 12 වැනිදා භාරදෙනු ලැබීය.
එම යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ අරුණ ජයසේකර මහතා නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ හෙයින් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු නියෝජ්‍ය අමාත්‍ය තනතුරින් ඉවත් විය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදා සොත්ති අම්බ ගොබ්බ විපක්ෂය දැන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ නැට්ටේ එල්ලෙන්න හදනවා. අරුණ ජයසේකර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු නම් ඊටත් වඩා වගකිව යුතු වන්නේ ඒ වේලාවේ රට ආණ්ඩුව කරවු පාලක පක්ෂයේ කණ්ඩායමයි. එහි නියෝජ්‍ය නායකයා ඇතුළු හැත්ත බුරුත්තම අද විපක්ෂ නියෝජනය කරනවා. එහෙව් කණ්ඩායමක් අද නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට විශ්වාස භංගයක් ගෙනෙන්න හදන්නේ තමන්ගේ අමනකම ප්‍රදර්ශනය කරන්නද ? මෝඩකම ප්‍රදර්ශනය කරන්නද කියලා ප්‍රශ්ණයක් නැගෙනවා !
හරිනිලට බයේ විශ්වාසභංගයෙන් පැනල යන්න එපා සහෝදරයා. ඔය ප්‍රතිගාමී පාපිසි අපේ ආණ්ඩුවෙන් යන එකමයි හොඳ.
හොරකම් වන්චා දූෂන කරලා පුරුදු විපක්ෂයේ දේසපාලුවන්ට කරකියා ගන්ඩ දෙයක් නැතුවයි ඉන්නේ?