
(සනත් ගමගේ)
හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහතා අද (29)නියම කළේය.
කිසිදු කොන්දේසියක් නොමැතිව පෙර ඇප මතම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුදාහැරීම සිදුවිය.
2017 වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පෞද්ගලීකරණයට පැවති විරෝධතාවයකදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි
ඒ අනුව එම නඩුව 2025.07.28 දින කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නඩුවට පෙනී නොසිටි හෙයින් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීම විය.
අදාල නඩුව 2026 වසරේ ජනවාරි 26 දින යළි කැඳවීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනේ ලංකාවේ නීතිය දේශපාලකයෙක් කවදාවත් හිරේ ගියේ
නාමල් පුතේ, අපි ඔබව ඉහළටම උස්සලා තියෙනවා කොල්ලෝ. මේ හැම එකෙන්ම වැටෙන්නේ ලකුණු තමයි. කවදා හරි අපිවත් ෂේප් කරලා දාන්න හොඳේ....
සියල්ලන් හිරේ දමා තම බලය රැක ගැනීමට දරන දුර්වල සහ හාස්‍ය ජනක ජවනිකා බොහෝයි...
ඇත්තමයි. මේ නූගතාගේ පස්සෙන් යන මීහරක් රෑනට. මොලයක් කියලා දෙයක්. ඇත්තෙම නැත්ද. නාමල් බේනිට කෝල් කරලා කියන්න ඇති. මහත්තයා අපිත්. එනවා බය නැතිව යමු. කියලා. මේ ගොන් රෑන එන්න ඇති. අද ඔය විදියට මුන්ගෙ පස්සෙන් යන්නෙ. ජනතාවගෙ මුදල් හොරා කාලා ඒවායින්ම මේපින්ගුත්තරයින්ටත්. මොනවහරි ටිකක් තොලේ. ගානවා. පිරිමි කමටත් ලැජ්ජයි. දරුවෝ. පව්ලයි බලන් ඉන්නවා රැකියාවට ගිහින් ගෙදර එනකම්. මුන් හොරුන්ගෙ පස්සෙන් යනවා
මරු නඩු ඇහිලි..2017 එකක් නැවත කැදවීම 2026 දි. අවුරුදු 9ක් අහලා තීන්දුව දෙනකොට අවුරුදු 15ක් වෙයි .හම්බන්තොටට එච්චර නඩු තියෙනවා ද අහන්න.අනික එහෙම නඩුවකින් ඇති ඵලේ මොකක් ද
මේ වගේ පහත් දේවල් ගැන අපි දන්නේ නැහැ, කරුණාකරලා ඒ ගැන පැහැදිලි කරන්න,,, ඒක ගොඩක් අයට, හොරුන්ට සහ තවත් අයට වැදගත්... ස්තූතියි.
පල් හොරෙක් , හොරට පෙරකදෝරු විභාගේ ලියපු වංචාකාරයෙක්, මෙයාලගේ කටු කන්න පස්සෙන් වැටිලා ඉන්න ගොන් රෑනක් ඉන්නවානේ හැබැට