IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය  සුනිල් හඳුන්නෙත්ති මහතා එම අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදී මේ පිළිබඳව දන්වා තිබේ.

මෙම හමුවේදී නව රජයේ අරමුණු ප්‍රතිපත්ති හා සංවර්ධ සැලසුම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මහා කොමසාස්වරයා දැනුවත් කර ඇති අතර පාඩු ලබමින් පවතින රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට රාජ්‍ය අංශය පුද්ගලික අංශයසහ ජනතාව යන පාර්ශවල සහභාගිත්වය  ඇතුව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන බව පවසා ඇත.

මෙහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා නව රජයේ ප්‍රතිපත්ති අගය කළ අතර එම ප්‍රතිපත්ති අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් රටවල ආයෝජකයින්ට මෙරට ආයෝජනයට ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේමැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය, බෝට්ටු නිෂ්පාදනය auto mobile ආදී අංශවල ආයෝජන අවස්ථා රැසක් පවතින බවත්ප ඒ සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින් ට ආරාධනා කරන බවත්ය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් තිලකා ජය සුන්දර අතිරේක ලේකම් චමින්ද පතිරාජ  ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්   ෂර්නි මැක්වන්(Sharini McEwen) යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ.



අදහස් (0)

නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site