IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ

(අංජුල මහික වීරරත්න)

නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බව කී ජනාධිපතිවරයා බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන බව කීය.

බෞද්ධ සම්ප්‍රදාය අනුව අනාගත පරම්පරාවට සුරක්ෂිතතාව ලබා දීම සියලු දෙනාගේම වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවට එක් වෙමිනි .

බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම  මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් බවත්, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජුනි 30 වන දා සිට ජූලි 5 වැනිදා තෙක් විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය. සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වේ.



අදහස් (9)

නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ

karolis Wednesday, 22 January 2025 03:43 PM

ජයමංගල ගාථා සම්ප්‍රදායට අයිති නැතෙයි?

:       12       138

ගමිනී තිලකවර්දන ..Wednesday, 22 January 2025 05:51 PM

ජයමන්ගල ගාථා, පිරිත්, බෞද්ධ සන්කේත තහනම්… ඒවා LTTE ඩයස්පෝරා එකෙන් තහනම් කරලා තිබෙන්නේ ශ්‍රී ලන්කාව ඇතුලේ.. ක්‍රිස්මස් කැරෝල් වලට ඉඩ තිබෙනවා… මේක තමයි වෙන්නේ හීනමානයෙන් පෙලෙන අයට රට දුන්නාම…. පෝය වෙසක් පොසොන් ගැනත් LTTE ඩයස්පෝරා තීරණ අරගෙනලු තියෙන්නේ…

:       6       85

Toni Wednesday, 22 January 2025 04:01 PM

ඇයි පච විදලා රටක් ඉදිරියට යන්නත් බැහැ..

:       15       70

fairoos Wednesday, 22 January 2025 05:21 PM

ජයවේවා...හැබැයි රට මේ තත්වයට පත්කරපු කාලකණ්ණින්ව නම් නිකන් යවන්න එපා.

:       54       11

ගමිනී තිලකවර්දන Wednesday, 22 January 2025 05:43 PM

JVP තුම්මුල්ලේ විමලේට ඉතින් හේතු තියනවා... සෑම නොහැකියාවටම... එක පචයක් වහන්න තව පචයක් කියනවා.

:       5       41

Nihal Wednesday, 22 January 2025 06:43 PM

සිංගප්පූරුව නීති අණපණත් සම්මත කරගෙන අකුරටම ක්‍රියාවට නගපු නිසා නැත්නම් ලංකාවේ මිනිස්සු වගේ තමයි කලින් හිටියේ, අද ඇවරිවත්තට ගියා මෙලොව අපාය, බස්වල ගුවන්තොටුපල ගමනාන්තය, වැසිකිළියක් නෑ. මුත්‍රා කරලා වනසලා, පානදුර වැසිකිළියට 30ක් නහය වහගෙනම මුත්‍රා කරලා ආවේ, නගරවල 99%ක් තත්වය ඕකයි... විදේශකයින් ලස්සන රට අපායක් කරලා කියන එක හරියටම හරි... මේ සමහර ආත්මාර්ථ කුහකයින් හදන්න දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...

:       24       10

ප්‍රියාල් පෙරෙරා Wednesday, 22 January 2025 06:53 PM

තුම්මුල්ලේ පචෝරිස් අපේ හාමුදුරුවරුන්ව අන්දනවා වගේ… ඔක්කෝම කාඩිනල්ගෙන් අහලා ක්‍රියාත්මක කරන ගමන්. ජෙප්පෝ ලෝක පචයින්. මුලු රටක්ම රැවැට්ටුවා...

:       6       50

pj Thursday, 23 January 2025 07:28 AM

මහාචාර්ය නඩය පෙරටු කොට ගෙන රට ආපස්සට ගෙනියන්න ට්‍රයි කරන්න ඒවිටවත් ඉදිරියට යාවි.........

:       1       6

Abid Thursday, 23 January 2025 11:32 AM

නීති රිතී අලුත් වෙන්න ඕනෑ... මත්කුඩු, මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් නැතුව කොහොමද යන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site