IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නූතන රාජ්‍ය සේවයක් හදන්න ලබන අයවැයෙන් ප්‍රතිපාදන

(අංජුල මහික වීරරත්න)

භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අනාවරණය කළේය.

නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සහභාගීත්වයෙන් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය යනු රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම දීප ව්‍යාප්ත සේවාව වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සංවිධානයයි. මෙවර එහි වාර්ෂික සමුළුව පවත්වනු ලැබුවේ වසර 05කට පසුව වීම විශේෂත්වයකි. ‍

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමටදේශපාලන අධිකාරිය ලෙස ආණ්ඩුව කැප වී සිටින බවත්, ඊට රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කැපවීම අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

ෙරාජ්‍ය සේවයේ සුළුතරයක් අතින් තමන්ට පැවරී ඇති වගකීම ගනුදෙනුවක් බවට පත් වී ඇති බවත් එසේ සමාජ වටිනාකමෙන් ඔබ්බට ගිය මූල්‍ය වටිනාකම්වලට මුල් තැන දුන් රාජ්‍ය සේවය එම තත්ත්වයෙන් මුදවාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.



අදහස් (2)

නූතන රාජ්‍ය සේවයක් හදන්න ලබන අයවැයෙන් ප්‍රතිපාදන

PGPThilak Tuesday, 05 August 2025 10:41 PM

මේ කතාවේ ඇත්තක් නෑ! රාජ්‍ය සේවය තමයි දැන් ආකර්ෂණීයම තැන! ඒකනේ ඒකට බැඳෙන්න පොරකන්නේ!. ඒ තියෙදිද්ත් ඊ ලඟ අය-වැයෙන් රජයේ කාර්යාලවලට අලුත් ගොඩනැගිලි වාහන තවත් වැඩි පඩි ! ඔන්න පුරවැසියන් මත බදු බර පටවලා නිෂ්පාදන ආර්ථිකයක් හදන විදිය! 2028 රට නැවතත් බංකොලොත් ! ආණ්ඩුව ආයෙත් රනිල්ට! හොරු ටික ආයෙත් රජ වෙනවා! රජයේ සේවකයින් වැඩි පඩි දිගටම! රටේ නිෂ්පාදනයේ නියැලෙන ගොවියන්ට ධීවරයන්ට නිෂ්පාදන ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ කමිකරුවන්ට බඩ ගින්නේ මැරෙන්න තමා වෙන්නේ!

:       0       2

de silva Wednesday, 06 August 2025 01:48 PM

රජයේ සේවය හදන්න නම් , ඉන්න ඇයො ඔක්කොම ගෙදර යවල අලුතෙන් මිනිස්සු බදවා ගන්න ඕනේ , පරණ ඇයො හොරකම් අලුතෙන් එන මිනිස්සුන්ටත් පුරුදු කරනවා ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site