
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකරු සමග මේ වනවිට එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.
මෙම අපරාධයට සම්බන්ධ මෝටර් රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
වෙඩික්කරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් සැපයූ පුද්ගලයා ඊයේ අත්අඩ ංගුවට ගත් බව පොලිසිය කියයි.
ඒ විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරු වන කරන්දෙනියේ සුද්දාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදු කර ඇති බවත් කරන්දෙණියේ සුද්දා සති කීපයකට ඉහතදී තමා අමතා "ලෝයර් බුද්ධික මගේ නඩු කතා කරන්නේ නෑ. ලොකු පැටිගේ නඩු කතා කරන්නේ , එයාට ගහන්න ඕනේ නැති වෙන්නම යනුවෙන් පැවසූ බව සැකකාර වෙඩික්කරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේදී පවසා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා සහ මෝටර් රථයේ රියදුරු යන තිදෙනා එකිනෙකා නොහඳුනන බවද එබැවින් මෝටර් රථයේ රියදුරු කවුරුන්දැයි නිශ්චිත ලෙස මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කියයි .
වෙඩික්කරුවන් කොළඹට ප්‍රවාහනය කළ කළ මෝටර් රථය සහ එම මෝටර් රථය පැද වූ රියදුරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරා රැගෙන ගිය මෝටර් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මේ මත් කුඩු, පාතාල ඝාතන වලට වෙනම ඒකකයක් දාල ඉක්මනට මේ වැරදි කරුවන්ට දඬුවම් දීල මේ ව්‍යසනය නතර කරන්න කටයුතු කලයුතුයි. අධික මුදට ගිජු කම නිසා පාතාලයින් බේරාගන්නා පොලිසිය, නීතිවේදීන් දැනගතයුතු කාරණය තමයි තමන් ,තමන්ගේ පවුලේ හිතවතුන් ,ඔවුන්ගේ දරුවන් ද කෙදිනක හෝ මේ මත් උවදුරේ ගොදුරක් විය හැකි බව. තමන් ඒ පාතාලයින් රකින්න රකින්න ,මේ රටේ සමස්ත ජනතාවගේ ,ඔබගේ මගේ දරුවන් ඇතුළුව සියලු දෙනා ම අනාරක්ෂිතයි.ඔබ ආරක්ෂිතයි කියන හැංගීම ඇතිනම් වහාම එය වෙනස් කරගන්න. කන්දකාඩු, මිතුරු මිතුරෝ,දිගන්තය, සහ අනෙකුත් පල්ලි පන්සල් වලට ගිහින් බලන්න -කොයි කොයි තරා තිරම් වල අයගේ අදරනීයන් මේ උවදුරේ ගොදුරක් වී ඇති බව වැටහ ගන්න පුළුවන්. මේ රට මත් කුඩු කර්ටල් වල පාලනයක් වුනු දවසක ඔබගේ ,ඔබගේ ජීවිත ගැන හිතල බලන්න !
ඉක්මනින් සල්ලි හොයන්න ගිහිල්ලා විහින් කරගත්ත දේ නිසා දැන් මහජන මුදල් නාස්ති වෙනවා. කණගාටු වුණත් ඇත්ත එකයි.