
(අමදෝරු අමරජීව)
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර එම දිස්ත්‍රික්කයේම තවත් ප්‍රාදේශීය රෝහල් හයක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ජල ගැලීම්වලින් බලපෑම් ලක්ව ඇතැයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ජී.එම්. කොස්තා මහතා පැවසීය .
ජල ගැලීමට ලක් වූ කවටමුනෙයි හා කාන්කේයන් ඔඩෙයි යන ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙක හා චෙට්ටි පාලයන් යන ප්‍රාදේශීය රෝහල වසා දැමුණු අතර චෙට්ටි පලයන් ප්‍රාදේශීය රෝහලේ නේවාසික රෝගීන් වෙනත් රෝහලකට මාරු කර යැවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීහ .
මේ අතර ගංවතුරට බලපෑමට ලක් වූ මණ්ඩුර්, ඕලුගාමම්, මහිලඩිතිව්, මණ්ඩපතඩි, නාවක්කාඩු, පාලමින් මඩු යන ප්‍රාදේශීය රෝහල් හා මහිලූර් යන ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බාධා මධ්‍යයේ පවත්වාගෙන යන බවද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීහ .
ජලගැලීම්වලින් හානියට පත් රෝහල්වල හානි තක්සේරු වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දුන් බවද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීහ.

2025 නොවැම්බර් මස 21
187
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1141
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්